ගීතාවලිය 44
44
ගීතාවලිය 44
සංගීත අධ්‍යක්ෂක වෙත. කෝරාගේ පුත්‍රයන්ගෙනි. මස්කීල්#44:0 සාහිත්‍යමය හෝ සංගීතමය යෙදුමක් විය හැක කාව්‍යයකි.
1අහෝ දෙවියන්වහන්ස, අපේ ම කන්වලින් අප අසා තිබේ;
ඈත අතීත දවස්වල
ඔවුන්ගේ කාලයේ ඔබ කළ ක්‍රියා ගැන,
අපේ පියවරු අපට පවසා තිබේ.
2ඔබගේ හස්තයෙන් ජාතීන් පලවා හළ ඔබ,
අපගේ පියවරුන් එහි පැලපදියම් කළ සේක.
එම ජනයාට පීඩා කළ ඔබ,
අප පියවරුන් නිදහස් කළ සේක.
3මන්ද ඔවුන් දේශය දිනා ගත්තේ, ඔවුන්ගේ ම අසිපත්වලින් නො වේ;
ඔවුන් ගැලවුණේ ඔවුන්ගේ බාහුවෙන් නො වේ.
ඔබගේ දකුණතිනි; ඔබගේ බාහුවෙනි;
ඔබගේ මුහුණේ ආලෝකයෙනි; මන්ද ඔබ ඔවුන් ගැන ප්‍රමෝද වූ බැවිනි.
4ඔබ මගේ රජ්ජුරුවෝ ය; මගේ දෙවියන්වහන්සේ ය;
යාකොබ් වංශයට ජය නියම කරන්නාණෝ ය.
5අප අපගේ සතුරන් පරදා යවන්නේ, ඔබගේ අනුහසිනි;
අප අපගේ එදිරිවාදීන් පාගා දමන්නේ, ඔබගේ නාමයේ අනුහසිනි.
6මම මගේ දුන්න මත විශ්වාසය නො තබමි;
මට ජය ගෙන දෙන්නේ මගේ අසිපත නො වේ.
7අපේ සතුරන් වෙතින් අපට ජය ගෙන දෙන්නේ ඔබ ය;
ඔබ, අපගේ එදිරිවාදීන් ලජ්ජාවට පමුණු වන සේක.
8දවස මුළුල්ලේ අපි දෙවියන්වහන්සේ තුළ උදම් අනන්නෙමු;
සදහට ම අපි ඔබගේ නාමයට ප්‍රශංසා කරන්නෙමු. සෙලා
9එහෙත් දැන්, ඔබ අප පිටුදැක, අප යටත් කර ඇත;
ඔබ තවදුරටත් අපේ සේනාංක සමඟ ගමන් කරන්නේ නැත.
10සතුරන් ඉදිරියේ ඔබ අප පසුබැස්ස වූ සේක;
අපගේ එදිරිවාදීහු අපගෙන් කොල්ල කෑවෝ ය.
11බැටළුවන් සේ ඝාතනයට ඔබ අප අත් හළ සේක්;
ජාතීන් අතරෙහි අප විසුරුවා හළ සේක.
12සොච්චමකට ඔබ ඔබගේ ජනයා විකුණා දැමුවේ,
ඒ වෙළඳාමෙන් කිසි වාසියක් නො ලබා ය.
13අපගේ අසල්වාසීන්ට අප නින්දාවක් වන්නට සැලසූ ඔබ,
අප අවට වෙසෙන්නන්ට අප සමච්චලයක් හා අවමානයක් වන්නට සැලසූ සේක.
14ජාතීන් අතරෙහි අප, කවට වදනක් ද
ජනයා අතරෙහි ඔච්චමට හේතුවක් ද වන්නට ඔබ සැලසූ සේක.
15දවස පුරා මා නින්දාවෙන් පීඩිත ව සිටින්නේත්,
ලජ්ජාවෙන් මා මගේ මුහුණ වසාගෙන සිටින්නේත්,
16මට අවමාන, අපවාද නගන්නන්ගේ ඇනුම්පද නිසා ය;
පළිගන්නට නැඹුරු වූ සතුරන් නිසා ය.
17අප, ඔබ අමතක කළේ නැති වුව ද,
ඔබගේ ගිවිසුමට අප ද්‍රෝහිවූයේ නැති වුව ද
මේ හැම දේ අපට සිදු වුණේ ය.
18අපගේ හදවත් ඔබට පිටුපෑවේ නැත;
අප දෙපා ඔබගේ අඩිපාරෙන් ඉවත හැරී ගියේ නැත.
19එහෙත් ඔබ අප පොඩිකර දමා, සිවලුන්ගේ ලැගුම් පොළක් බවට පත් කර,
ඝන අන්ධකාරයෙන් අප වසා දැමූ සේක.
20අපි අපගේ දෙවියන්වහන්සේගේ නාමය අමතක කළෙමු නම්,
විජාතික දෙවියකු දෙසට අප දෑත් විහිදෙව්වෙමු නම්,
21හැම හදවතක ම රහස් දන්නා වූ දෙවියන්වහන්සේ
එය සොයා දැනගන්නේ නැති ද?
22එහෙත් ඔබගේ නාමය නිසා, අපි දවස මුළුල්ලේ මරනු ලබන්නෙමු;
ඝාතනයට නියම බැටළුවන් මෙන්, අපි ගණන් ගනු ලබන්නෙමු.
23අවදි වුව මැනවි, අහෝ ස්වාමින්වහන්ස, ඇයි ඔබ නිදා සිටින්නේ?
නැගිටුණු මැනවි, සදහට ම අප අතහැර නො දැමුව මැනව.
24අපගේ දුක්ඛිතභාවයත්, පීඩාවත් අමතක කරමින්
ඔබ මුහුණ සඟවා ගන්නේ ඇයි?
25පොළොවේ දූවිල්ලට ම අපි පහත් කරනු ලැබ සිටිමු.
අපගේ සිරුරු මහ පොළොව බදාගෙන ඇත.
26නැගිටිනු මැනවි; අපට පිහිට වුව මැනවි;
ඔබගේ නොමියෙන ප්‍රේමය නිසා අප මිදුව මැනව.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 44: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: