ගීතාවලිය 43
43
ගීතාවලිය 43#43 බොහෝ හෙබ්‍රෙව් අත් පිටපත්වල 42 සහ 43 එක ගීතිකාවක් ලෙස ලියැවී ඇත.
1අහෝ දෙවියන්වහන්ස,
අභක්තික ජාතියකට එරෙහිව කරුණු දක්වමින්,
මා නිර්දෝෂී වග ප්‍රකාශ කළ මැනව.
වංචාකාරී දුෂ්ට මිනිසුන්ගෙන්
මා මුදා ගත මැනව.
2ඔබවහන්සේ දෙවියන්වහන්සේ ය, මගේ බළකොටුව ය.
ඇයි ඔබ මා අත්හැර දැමුවේ?
සතුරා විසින් පීඩා කරනු ලැබ,
ඇයි මා ශෝකයෙන් පීඩිත විය යුත්තේ?
3එවුව මැනවි ඔබගේ ආලෝකයත්, ඔබගේ සත්‍යතාවත්,
ඒවා මට මග පෙන්වත්වා!
ඔබගේ වාසස්ථානය වන ඔබගේ ශුද්ධ කන්ද වෙත
මා පමුණුවත්වා!
4එවිට මම, දෙවියන්වහන්සේගේ පූජාසනය වෙත,
මගේ ප්‍රීතියත්, මගේ ප්‍රමෝදයත් වන දෙවියන්වහන්සේ වෙත යන්නෙමි.
අහෝ දෙවියන්වහන්ස, මගේ දෙවියන්වහන්ස,
වීණා වයමින් මම ඔබ පසසන්නෙමි.
5එම්බා මගේ ආත්මය, කුමට ඔතරම් අධෛර්යට පත් වී ද?
කුමට ඔතරම් තමා තුළ නො සන්සුන් වී ද?
දෙවියන්වහන්සේ වෙත ඔබේ බලාපොරොත්තු තබන්න.
මන්ද මම තවමත් ප්‍රශංසා කරමි,
මගේ ගැලවුම්කරු වූ මගේ දෙවියන්වහන්සේට.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 43: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: