ගීතාවලිය 41:7-13

ගීතාවලිය 41:7-13 SCV

මට වෛර සියල්ලෝ එක් ව, මට එරෙහිව රහස් කොඳුරති; ඔවුහු මට නපුරක් කරන්නට කල්පනා කරමින්, “මහ නපුරු ලෙඩක් ඔහුට වැලඳිලා; ලෙඩ-ඇඳෙන් නැගිටින්නට ඔහුට ලැබෙන්නේ නැතැ” යි කියති; මා විශ්වාසය තබා සිටි මගේ හොඳ ම මිතුරා, මා හා එක පතේ කෑ යහළුවා පවා මට ද්‍රෝහි වූවේ ය. එසේ වුව ද අහෝ ස්වාමින්වහන්ස, මට දයා වුව මැනව, ඔවුන්ගෙන් පළිය ගන්නා පිණිස, යළි මා නැගිටුව මැනව. ඔබවහන්සේ මා ගැන ප්‍රසන්න වග මම දනිමි; මන්ද, මගේ සතුරා මට ඉහළින් ජය ගන්නේ නැත. මගේ නිර්දෝෂී භාවය නිසා, මා දරා සිටින ඔබවහන්සේ, ඔබ අබිමුවෙහි සදාතනික ව මා තබා ගන්නා සේක. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සදාතනයෙන් සදාතනයට පැසසුම් වේවා! ආමෙන්! ආමෙන්!