ගීතාවලිය 41:7-13
ගීතාවලිය 41:7-13 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මට වෛර සියල්ලෝ එක් ව, මට එරෙහිව රහස් කොඳුරති; ඔවුහු මට නපුරක් කරන්නට කල්පනා කරමින්, “මහ නපුරු ලෙඩක් ඔහුට වැලඳිලා; ලෙඩ-ඇඳෙන් නැගිටින්නට ඔහුට ලැබෙන්නේ නැතැ” යි කියති; මා විශ්වාසය තබා සිටි මගේ හොඳ ම මිතුරා, මා හා එක පතේ කෑ යහළුවා පවා මට ද්‍රෝහි වූවේ ය. එසේ වුව ද අහෝ ස්වාමින්වහන්ස, මට දයා වුව මැනව, ඔවුන්ගෙන් පළිය ගන්නා පිණිස, යළි මා නැගිටුව මැනව. ඔබවහන්සේ මා ගැන ප්‍රසන්න වග මම දනිමි; මන්ද, මගේ සතුරා මට ඉහළින් ජය ගන්නේ නැත. මගේ නිර්දෝෂී භාවය නිසා, මා දරා සිටින ඔබවහන්සේ, ඔබ අබිමුවෙහි සදාතනික ව මා තබා ගන්නා සේක. ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට සදාතනයෙන් සදාතනයට පැසසුම් වේවා! ආමෙන්! ආමෙන්!
ගීතාවලිය 41:7-13 Sinhala Revised Old Version (SROV)
මට වෛරවෙන සියල්ලෝ මට විරුද්ධව එක්ව කොඳුරති. ඔව්හු මට අන්තරායකිරීමට උපා යොදති. නපුරු ලෙඩක් මොහුට වැළදී තිබේ; ඔත්පළව ඉන්න මොහු ආයෙත් නොනැගිටින්නේයයි කියති. එසේය, මා විසින් විශ්වාසකළාවූ, මාගේ භෝජනයෙන් කෑවාවූ මාගේ හිතේසි මිත්‍රයා මට විරුද්ධව විලුඹ එසවිය. නුමුත් මා විසින් ඔවුන්ට විපාක දෙන පිණිස, ස්වාමිනි, මට කරුණාකොට මා නැගිටෙවුව මැනව. මාගේ සතුරා මා කෙරෙහි ජය ඝෝෂා නොපවත්වන්නේය, ඔබ මා කෙරෙහි ප්‍රිය බව මෙයින් දනිමි. මා වනාහි ඔබ මාගේ අවංකකමෙහි දරා සිටිනසේක, සදාකල්ම ඔබ ඉදිරියෙහි මා තබාගන්නාසේක. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට සදාකාලයෙන් සදාකාලයටම ප්‍රශංසාවේවා. ආමෙන්, ආමෙන්.
ගීතාවලිය 41:7-13 Sinhala New Revised Version (NRSV)
මට වෛර කරන්නෝ මට විරුද්ධ ව රහස් කියති; මා වැනසීමට රහසින් උපා යොදති. “අසාධ්‍ය ලෙඩක් ඔහුට වැළඳී ඇත. කවදාවත් ඇඳෙන් නොබසිනු ඇතැ”යි ඔවුහු පවසති. මාගේ හොඳ ම විශ්වාසය දිනාගත් යහළුවා, එක පිඟානෙන් බත් කෑ කල්‍යාණ මිත්‍රයා පවා මට එරෙහි ව සතුරුකම් කෙළේ ය. මාගේ සතුරන්ට යස පාඩමක් උගන්වන පිණිස සමිඳුනි, මට කරුණා කළ මැනව; ලෙඩ ඇඳෙන් මා නැඟිටවුව මැනව. ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්‍රිය බව මම දනිමි. මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක. ඉශ්රායෙල් ජනතාවගේ දෙවි සමිඳුන් හට ප්‍රශංසා වේ වා! සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! ආමෙන්, ආමෙන්.
ගීතාවලිය 41:7-13 Sinhala New Revised Version 2018 (SNRV)
මට වෛර කරන්නෝ මට විරුද්ධ ව රහස් කියති; මා වැනසීමට රහසින් උපා යොදති. “අසාධ්‍ය ලෙඩක් ඔහුට වැළඳී ඇත. කවදාවත් ඇඳෙන් නොබසිනු ඇතැ”යි ඔවුහු පවසති. මාගේ හොඳ ම විශ්වාසය දිනාගත් යහළුවා, එක පිඟානෙන් බත් කෑ කල්‍යාණ මිත්‍රයා පවා මට එරෙහි ව සතුරුකම් කෙළේ ය. මාගේ සතුරන්ට යස පාඩමක් උගන්වන පිණිස සමිඳුනි, මට කරුණා කළ මැනව; ලෙඩ ඇඳෙන් මා නැඟිටෙවුව මැනව. ඔවුන්ට ජය අත් නොවන විට ඔබ මා කෙරෙහි ප්‍රිය බව මම දනිමි. මා හරි දේ ඉටු කරන බැවින් ඔබ මට පිහිට වන සේක; සදහට ම ඔබ අබිමුව මා තබාගන්න සේක. ඉශ්රායෙල් ජනතාවගේ දෙවි සමිඳුන් හට ප්‍රශංසා වේ වා! සදාකාලයෙන් සදාකාලයට ම ප්‍රශංසා වේ වා! ආමෙන්, ආමෙන්.
ගීතාවලිය 41:7-13 New International Version (NIV)
All my enemies whisper together against me; they imagine the worst for me, saying, “A vile disease has afflicted him; he will never get up from the place where he lies.” Even my close friend, someone I trusted, one who shared my bread, has turned against me. But may you have mercy on me, LORD; raise me up, that I may repay them. I know that you are pleased with me, for my enemy does not triumph over me. Because of my integrity you uphold me and set me in your presence forever. Praise be to the LORD, the God of Israel, from everlasting to everlasting. Amen and Amen.