ගීතාවලිය 37:21-28

ගීතාවලිය 37:21-28 SCV

දුෂ්ටයා ණය ගෙන ආපසු නො ගෙවයි; එහෙත් ධාර්මිකයා ත්‍යාගශීලී ව පරිත්‍යාග කරයි. ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලබන්නෝ දේශය උරුම කර ගන්නෝ ය. එහෙත් උන්වහන්සේගෙන් ශාප ලබන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. කෙනකුගේ පැවැත්ම ගැන ස්වාමින්වහන්සේ ප්‍රමෝද වන විට, උන්වහන්සේ ඔහුගේ පියවර ස්ථාවර කරන සේක. ඔහු පැකිළුන ද, වැටෙන්නේ නැත; මන්ද ස්වාමින්වහන්සේ ඔහුගේ අත අල්ලා සිටින සේක. මම යෞවනයේ සිටියෙමි; දැන් මා මහලු ය; ධාර්මිකයා අත්හැර දමනු ලැබීමක් හෝ ඔවුන්ගේ දරුවන් අහර සිඟා යෑමක් හෝ මා දැක නැත. ඔවුන් හැම විට ත්‍යාගශීලී ය; ණයට දෙන්නේ නො මසුරු ව ය; ඔවුන්ගේ දරුවෝ ආශිර්වාදයක් වන්නෝ ය. නපුරෙන් ඉවත හැරී, යහපත කරන්න; එවිට ඔබ සදහට ම දේශයේ වෙසෙනු ඇත. මන්ද ස්වාමින්වහන්සේ යුක්තියට ප්‍රේම වන සේක; උන්වහන්සේ තම විශ්වාසිකයින් අත්හැර දමන්නේ නැත.

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 37:21-28 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය