ගීතාවලිය 37:21-28

ගීතාවලිය 37:21-28 සිංහල කාලීන පරිවර්තනය (SCV)

දුෂ්ටයා ණය ගෙන ආපසු නො ගෙවයි; එහෙත් ධාර්මිකයා ත්‍යාගශීලී ව පරිත්‍යාග කරයි. ස්වාමින්වහන්සේගෙන් ආශිර්වාද ලබන්නෝ දේශය උරුම කර ගන්නෝ ය. එහෙත් උන්වහන්සේගෙන් ශාප ලබන්නෝ සිඳ දමනු ලබන්නෝ ය. කෙනකුගේ පැවැත්ම ගැන ස්වාමින්වහන්සේ ප්‍රමෝද වන විට, උන්වහන්සේ ඔහුගේ පියවර ස්ථාවර කරන සේක. ඔහු පැකිළුන ද, වැටෙන්නේ නැත; මන්ද ස්වාමින්වහන්සේ ඔහුගේ අත අල්ලා සිටින සේක. මම යෞවනයේ සිටියෙමි; දැන් මා මහලු ය; ධාර්මිකයා අත්හැර දමනු ලැබීමක් හෝ ඔවුන්ගේ දරුවන් අහර සිඟා යෑමක් හෝ මා දැක නැත. ඔවුන් හැම විට ත්‍යාගශීලී ය; ණයට දෙන්නේ නො මසුරු ව ය; ඔවුන්ගේ දරුවෝ ආශිර්වාදයක් වන්නෝ ය. නපුරෙන් ඉවත හැරී, යහපත කරන්න; එවිට ඔබ සදහට ම දේශයේ වෙසෙනු ඇත. මන්ද ස්වාමින්වහන්සේ යුක්තියට ප්‍රේම වන සේක; උන්වහන්සේ තම විශ්වාසිකයින් අත්හැර දමන්නේ නැත.

ගීතාවලිය 37:21-28 Sinhala Revised Old Version (SROV)

දුෂ්ටයා ණය ගෙන, නැවත නොගෙවයි. නුමුත් ධර්මිෂ්ඨයා කරුණාවෙන් ක්‍රියා කරමින් ප්‍රදානයකරයි. මක්නිසාද උන්වහන්සේගෙන් ආශීර්වාදලද්දෝ දේශය උරුමකර ගන්නෝය; උන්වහන්සේගෙන් ශාපලද්දෝ සිඳිනු ලබන්නෝය. මනුෂ්‍යයෙකුගේ ගමන් ස්වාමීන් කරණකොටගෙන ස්ථිරවෙයි; උන්වහන්සේ ඔහුගේ මාර්ගය ගැන ප්‍රීතිවනසේක. ඔහු වැටෙන නුමුත් සහමුලින්ම හෙළනු නොලබන්නේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ ස්වකීය හස්තයෙන් ඔහුට ආධාරකරන සේක. මම යෞවනව සිටියෙමි, දැන් මහලුව සිටිමි; එසේවී නුමුත් ධර්මිෂ්ඨයා අත්හරිනු ලැබූ බවවත්, ඔහුගේ වංශය කෑම සිඟන බවවත් නුදුටිමි. දවස මුළුල්ලේ ඔහු කරුණාවෙන් ක්‍රියාකරමින් ණයට දෙයි; ඔහුගේ වංශයද ආශීර්වාද ලබයි. නපුරෙන් ඉවත්ව යහපත්කම් කරමින් සදාකල් පවතුව. මක්නිසාද ස්වාමීන්වහන්සේ යුක්තියට ප්‍රියවනසේක, ස්වකීය ශුද්ධවන්තයන් අත් නාරිනසේක; ඔව්හු සදාකල් ආරක්ෂාකරනු ලබති. නුමුත් දුෂ්ටයන්ගේ වංශය සිඳිනු ලබන්නේය.

ගීතාවලිය 37:21-28 Sinhala New Revised Version (NRSV)

දුදනෝ ණය ගෙන යළි නොගෙවති; සුදනෝ කාරුණික ය, ත්‍යාගශීලී ය. හිමි තුමන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති. සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක; ඔහුගේ ක්‍රියා කලාපය ගැන සතුටු වන සේක. ඔහු වැටුණත් වැටී ම නොසිටියි; සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක. මම දැන් යොවුන් විය ගෙවා මහලු ව සිටිමි; සමිඳුන් සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි. දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි. නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත. හිමි තුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.

ගීතාවලිය 37:21-28 Sinhala New Revised Version 2018 (SNRV)

දුදනෝ ණය ගෙන යළි නොගෙවති; සුදනෝ කාරුණික ය, ත්‍යාගශීලී ය. හිමිතුමාණන්ගෙන් ආසිරි ලද්දෝ දේශයෙහි යෙහෙන් වැජඹෙති; දේව සාපය ලද්දෝ රටෙන් නෙරපනු ලබති. සමිඳාණෝ මිනිසෙකුගේ දිවි මඟ හසුරුවන සේක; ඔහුගේ ක්‍රියා කලාපය ගැන සතුටු වන සේක. ඔහු වැටුණත් වැටී ම නොසිටියි; සමිඳාණෝ සිය’තින් ඔහු නැඟුටුවන සේක. මම දැන් යොවුන් විය ගෙවා මහලු ව සිටිමි; සමිඳුන් සුදනෙකු අත්හළ බව වත්, ඔහුගේ දූදරුවන් සිඟමනේ ගිය බව වත් කිසි දා නුදුටිමි. දවස දෙවේලේ ඔහු නොමසුරු ව ණයට දෙයි; ඔහුගේ දරු පරපුර රටට ආසිරියකි. නපුර දුරු කොට යහපත කරන්න. තිර කල් යෙහෙන් වැජඹෙනු ඇත. හිමිතුමාණෝ යුක්තියට ප්‍රිය මනාප ය; සිය සැදැහැවතුන් අත් නොහරිති. ඔව්හු සදහට ම රැකවරණය ලබති. එහෙත්, දුදනන්ගේ පරපුර වැනසෙති.