ධර්මිෂ්ඨයිනි, ප්‍රීතියෙන් පිරී, ස්වාමින්වහන්සේට ගී ගයන්න; උන්වහන්සේට ප්‍රශංසා කිරීම අවංකයනට හොබනේ ය. වීණා වයා, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. තත් දසයේ මහා වීණාවෙන් උන්වහන්සේට සංගීත ස්වර නගන්න. අලුත් ගීතයක් උන්වහන්සේට ගායනා කරන්න; දක්ෂ ලෙස වයමින්, ප්‍රීති ඝෝෂා නගන්න. ස්වාමින්වහන්සේගේ වචනය සත්‍යය ය. කරන හැම කාරියකදී ම උන්වහන්සේ විශ්වසනීය ය. දමිටුකමටත්, යුක්තියටත් උන්වහන්සේ ප්‍රේම කරන්නාහ; ස්වාමින්වහන්සේගේ නොමියෙන ප්‍රේමයෙන් පොළොව පිරී ඇත. මුළු විශ්ව අහස ම මවන ලද්දේ, ස්වාමින්වහන්සේගේ වචනයෙනි; විශ්ව අහස් සේනා මවන ලද්දේ, උන්වහන්සේගේ මුවෙහි හුස්මෙනි. මුහුදු වතුර උන්වහන්සේ එක් ගොඩකට රැස් කරන සේක්, ගැඹුර රැගෙන ගබඩා ගෙවල ලන සේක. පොළොව මුළුල්ල ම ස්වාමින්වහන්සේට භය වෙත්වා! ලෝ වැසි සියල්ලෝ, උන්වහන්සේට භය පක්ෂ ව සිටිත්වා! මන්ද උන්වහන්සේ කතා කළ සේක; එවිට එය සිදු විණ. උන්වහන්සේ අණ කළ සේක; එවිට එය ස්ථිර ව පිහිටා සිටියේ ය. ජාතීන්ගේ සැලසුම් ස්වාමින්වහන්සේ ව්‍යර්ථ කරන සේක; ජනයින්ගේ අරමුණු උන්වහන්සේ නිෂ්ප්‍රභ කරන සේක. එහෙත් ස්වාමින්වහන්සේගේ සැලසුම්, සදහට ම පවතී; උන්වහන්සේගේ හදේ අරමුණු, යුග පරම්පරා මුළුල්ලේ තිරසර ව පවතී.
ගීතාවලිය 33 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 33:1-11
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ