ගීතාවලිය 27
27
ගීතාවලිය 27
27 දාවිත්ගෙනි.
1 ස්වාමින්වහන්සේ මගේ ආලෝකය ය, මගේ ගැලවීම ය;
මම කවරකුට භය වන්නෙම් ද?
ස්වාමින්වහන්සේ මගේ ජීවිතයේ බළකොටුව ය;
මම කවරකුට බය වන්නෙම් ද?
2දුෂ්ට මිනිසුන්
මා කා දමන්නට පෙරට එන කල,
මගේ සතුරන් හා මගේ එදිරිවාදීන් මට පහර දෙන කල,
ඔවුහු ම පැකිළී වැටෙන්නෝ ය.
3සතුරු සේනාංකයක් මා වටලා ගත්ත ද,
මහදට බියක් නො දැනේ;
මට එරෙහිව යුද ගිනි ඇවිළුණත්,
මම නො සැලී සිටින්නෙමි.
4 ස්වාමින්වහන්සේගෙන් එක් දෙයක් ඉල්ලන්නෙමි;
ඒ දේ ම ඉල්ලා සිටින්නෙමි;
එනම්, ස්වාමින්වහන්සේගේ ශෝභාලංකාරය දෙස බලා හිඳිමින්,
දේව මාලිගයේ සිට මෙනෙහි කරන පිණිස
මගේ ජීවිතයේ සියලු දවස්හි,
ස්වාමින්වහන්සේගේ ගෘහයේ වාසය කරන්නට ය.
5මන්ද, විපත්ති දවසේ,
උන්වහන්සේ තම වාසභවනෙහි මා සඟවා තබන සේක;
උන්වහන්සේගේ කූඩාරම් සෙවණේ මට රක්ෂාවරණ දෙමින්,
පර්වතයක් පිට මා ඔසවා තබන සේක.
6එකල, මා වට කොට සිටින සතුරනට ඉහළින්,
මම ජයග්‍රාහී ව හිස ඔසවා සිටිමි. මම ප්‍රීති ඝෝෂා නගමින්,
උන්වහන්සේගේ කූඩාරමෙහි යාග පූජා පුදමි.
මම ගී ගයමින්, ස්වාමින්වහන්සේට සංගීත නගන්නෙමි.
7මා හඬ ගසනා කල, මට සවන් දුන මැනව, අහෝ ස්වාමින්වහන්ස,
මට දයානුකම්පා වී, මට උත්තර දුන මැනව.
8ඔබ ගැන මගේ හද පවසන්නේ, “උන්වහන්සේගේ මුහුණ සොයන්න!” කියා ය;
ස්වාමින්වහන්ස, සැබවින් ම මම ඔබේ මුහුණ සොයන්නෙමි.
9මා වෙතින් ඔබේ මුහුණ නො සැඟවුව මැනව;
කෝපයෙන් ඔබේ මෙහෙකරුවා පලවා නො හැරිය මැනව;
කවදත් මගේ උපකාරයට සිටියේ ඔබ ය.
මා බැහැර නො කළ මැනව, මා අතහැර නො දැමුව මැනව,
මගේ ගැලවුම්කාර දෙවියන්වහන්ස.
10මගේ මවත්, පියාත් මා අත්හැර දමන්නේ වුව ද,
ස්වාමින්වහන්සේ මා පිළිගන්නා සේක.
11ඔබේ මාර්ගය මට ඉගැන්වුව මැනව, අහෝ ස්වාමින්වහන්ස,
මගේ සතුරන් නිසා,
සමතලා මාවතක මා ගෙන ගිය මැනව.
12මගේ එදිරිවාදීන්ගේ කැමැත්තට මා අත්හැර නො දමනු මැනව;
මන්ද බොරු සාක්ෂිකරුවෝ හා කෲර ලෙස තර්ජන කරන්නෝ
මට එරෙහිව නැගී සිටින්නෝ ය.
13ජීවතුන්ගේ දේශයේදී
ස්වාමින්වහන්සේගේ යහපත්භාවය
මා අත්දකින වග මට සහතික ය.
14 ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්න;
ශක්තිමත් වන්න: ධෛර්යවත් වන්න;
ස්වාමින්වහන්සේ ගැන බලා සිටින්න.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 27: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: