ගීතාවලිය 26:1-6

ගීතාවලිය 26:1-6 SCV

මා නිදොස් වග ප්‍රකාශ කරන්න, අහෝ ස්වාමින්වහන්ස, මන්ද, මම පූර්ණ-අවංකත්වයෙන් දිවි ගත කළෙමි. මම දෙගිඩියාවෙන් තොර ව, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා ඇත්තෙමි. මා පිරික්සා බලන්න, අහෝ ස්වාමින්වහන්ස, මා උරගා බලන්න; මගේ හදත්, මගේ සිතත් විමසා බලන්න. මන්ද, ඔබේ නොමියෙන ප්‍රේමය, නිති මා ඉදිරියෙහි ය; නිරතුරු මම ඔබගේ විශ්වසනීය භාවයෙහි ජීවත් වන්නෙමි. රැවටිලිකාර මිනිසුන් සමඟ මා අසුන් ගන්නේ නැත; කුහකයින් සමඟ මා ඇසුරු කරන්නේ නැත. දුෂ්ටකම් කරන්නන්ගේ සමාගම, මම පිළිකුල් කරමි; නපුරන් හා එකට හිඳ ගැනීම ප්‍රතික්ෂේප කරමි. නිර්දෝෂත්වයෙන් මම මගේ දෑත් සෝදාගෙන, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ පූජාසනය පැදකුණු කරන්නෙමි.

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 26:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය