ගීතාවලිය 26:1-12

ගීතාවලිය 26:1-12 SCV

මා නිදොස් වග ප්‍රකාශ කරන්න, අහෝ ස්වාමින්වහන්ස, මන්ද, මම පූර්ණ-අවංකත්වයෙන් දිවි ගත කළෙමි. මම දෙගිඩියාවෙන් තොර ව, ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබා ඇත්තෙමි. මා පිරික්සා බලන්න, අහෝ ස්වාමින්වහන්ස, මා උරගා බලන්න; මගේ හදත්, මගේ සිතත් විමසා බලන්න. මන්ද, ඔබේ නොමියෙන ප්‍රේමය, නිති මා ඉදිරියෙහි ය; නිරතුරු මම ඔබගේ විශ්වසනීය භාවයෙහි ජීවත් වන්නෙමි. රැවටිලිකාර මිනිසුන් සමඟ මා අසුන් ගන්නේ නැත; කුහකයින් සමඟ මා ඇසුරු කරන්නේ නැත. දුෂ්ටකම් කරන්නන්ගේ සමාගම, මම පිළිකුල් කරමි; නපුරන් හා එකට හිඳ ගැනීම ප්‍රතික්ෂේප කරමි. නිර්දෝෂත්වයෙන් මම මගේ දෑත් සෝදාගෙන, අහෝ ස්වාමින්වහන්ස, ඔබේ පූජාසනය පැදකුණු කරන්නෙමි. එසේ කරන්නේ උස් හඬ නගා ඔබට තුති ගී ගයමින්, ඔබගේ සියලු අසිරිමත් ක්‍රියා ගැන පවසමිනි. අහෝ ස්වාමින්වහන්ස, ඔබ වාසය කරන ඔබේ ගෘහයට, ඔබගේ තේජෝ මහිමය වැඩ වසන නිවස්නයට මම ප්‍රේම කරමි. පව්කරුවන් සමඟ මා විනාශ කර නො දමනු මැනවි; ලේ පිපාසිතයින් සමඟ මා පහ කර නො දමනු මැනවි. ඔවුන්ගේ අත්, කූට උපාවලට යුහුසුලු ය; ඔවුන්ගේ සුරතෙහි, අල්ලස මිට මෙලවී ඇත. එහෙත් මම, පූර්ණ-අවංකත්වයෙන් දිවි ගත කරමි; මා මුදනු මැනව, මට දයා පෑ මැනව. මගේ පාද සෘජු ස්ථානයක පිහිටා ඇත. සභා එකමුතුවෙහි දී ස්වාමින්වහන්සේට මම පැසසුම් දෙන්නෙමි.

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 26:1-12 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය