ගීතාවලිය 24
24
ගීතාවලිය 24
දාවිත්ගෙනි. ගීතයකි.
1පොළොවත්, එහි ඇති සියල්ලත් ස්වාමින්වහන්සේගේ ය;
ලෝකය ද එහි වෙසෙනා සියල්ලන් ද උන්වහන්සේගේ ය.
2උන්වහන්සේ එය සයුරු පිට පිහිටූ සේක්,
ජල මතුයෙහි එය ස්ථාපිත කළ සේක.
3 ස්වාමින්වහන්සේගේ කන්දට නැගෙනු ඇත්තේ කවුරු ද?
උන්වහන්සේගේ ශුද්ධස්ථානයේ නැගිට සිටිනු ඇත්තේ කවුරු ද?
4පිරිසිදු අත් ද පවිත්‍ර හදක් ද ඇත්තා ය;
පිළිම වන්දනාවට නො නැමෙන්නා ය;
බොරු පොරොන්දු නො දෙන්නා ය.
5 ස්වාමින්වහන්සේගෙන් ඔහු ආශිර්වාද ලබනු ඇත;
ඔහුගේ ගැලවුම්කරුවාණන් වන දෙවියන්වහන්සේගෙන් ඔහු ධර්මිෂ්ඨකම ලබනු ඇත.
6උන්වහන්සේ සොයා යන්නන්ගේ පරපුර එයයි;
යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ මුහුණ දකින්නට එන්නෝ ඔවුහු ය. සෙලා
7එම්බා දොරටු, නුඹලාගේ හිස් ඔසවනු;
ඉපැරණි ද්වාරයෙනි, සපුරා විවර වනු;
මන්ද, තේජසේ රජ්ජුරුවන් පැමිණෙන බැවිනි.
8කවුරු ද මේ තේජසේ රජ්ජුරුවෝ?
බලවත්, පරාක්‍රමවත් ස්වාමින්වහන්සේ ය.
යුද්ධයෙහි පරාක්‍රමවත් ස්වාමින්වහන්සේ ය.
9එම්බා දොරටු, නුඹලාගේ හිස් ඔසවනු;
ඉපැරණි ද්වාරයෙනි, සපුරා විවර වනු;
මන්ද, තේජසේ රජ්ජුරුවන් පැමිණෙන බැවිනි.
10කවුරු ද මේ තේජසේ රජ්ජුරුවෝ?
උන්වහන්සේ, සේනාංකවල ස්වාමින්වහන්සේ ය.
තේජසේ රජ්ජුරුවෝ උන්වහන්සේ ය. සෙලා
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 24: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: