ගීතාවලිය 147:1-6

ගීතාවලිය 147:1-6 SCV

ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න. අපේ දෙවියන්වහන්සේට පැසසුම් ගී ගැයීම කොතරම් අගනේ ද! මන්ද එය එතරම් ප්‍රිය ජනක ය; පැසසුම් ගීය හොබනේ ය. ස්වාමින්වහන්සේ යෙරුසලම ගොඩ නගන සේක; ඉශ්‍රායෙල් පිටුවහලුන් උන්වහන්සේ එක් රැස් කරන සේක. උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක්; ඔවුන්ගේ තුවාල බඳින සේක. උන්වහන්සේ තාරකාවල ගණන තීරණ කරන සේක්, ඒ සියල්ලට ඒවායේ නාම දෙන සේක. අපේ ස්වාමින්වහන්සේ උත්තම ය, බලයෙන් පරාක්‍රමවත් ය; උන්වහන්සේගේ බුද්ධිය අනන්ත ය. ස්වාමින්වහන්සේ යටහතුන් උසුලා දරන සේක්, දුෂ්ටයින් බිම හෙළා දමන සේක.

මෙයට අදාළ වීඩියෝ

ගීතාවලිය 147:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය