ගීතාවලිය 147:1-6
ගීතාවලිය 147:1-6 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේට ප්රශංසා කරන්න. අපේ දෙවියන්වහන්සේට පැසසුම් ගී ගැයීම කොතරම් අගනේ ද! මන්ද එය එතරම් ප්රිය ජනක ය; පැසසුම් ගීය හොබනේ ය. ස්වාමින්වහන්සේ යෙරුසලම ගොඩ නගන සේක; ඉශ්රායෙල් පිටුවහලුන් උන්වහන්සේ එක් රැස් කරන සේක. උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක්; ඔවුන්ගේ තුවාල බඳින සේක. උන්වහන්සේ තාරකාවල ගණන තීරණ කරන සේක්, ඒ සියල්ලට ඒවායේ නාම දෙන සේක. අපේ ස්වාමින්වහන්සේ උත්තම ය, බලයෙන් පරාක්රමවත් ය; උන්වහන්සේගේ බුද්ධිය අනන්ත ය. ස්වාමින්වහන්සේ යටහතුන් උසුලා දරන සේක්, දුෂ්ටයින් බිම හෙළා දමන සේක.
ගීතාවලිය 147:1-6 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්ට ප්රශංසාකරව්; මක්නිසාද අපේ දෙවියන් වහන්සේට ප්රශංසා ගී කීම යහපත්ය. එයින් ප්රීතිය උපදනේය, ප්රශංසාකිරීම හොබනේය. ස්වාමීන්වහන්සේ යෙරුසලම ගොඩනගනසේක; පන්නාදමනු ලැබූ ඉශ්රායෙල් සෙනඟ රැස්කරනසේක. උන්වහන්සේ බිඳුණු සිත් ඇත්තන් සුවකරනසේක. ඔවුන්ගේ තුවාල බඳිනසේක. උන්වහන්සේ තාරකාවන් ගණන් කොට, ඒ සියල්ලට නම් තබනසේක. අපේ ස්වාමීන්වහන්සේ උතුම්ය, මහා බලයෙන් යුක්තය; උන්වහන්සේගේ ඥානය අනන්තය. ස්වාමීන්වහන්සේ යටහතුන්ට උපකාරකරනසේක; දුෂ්ටයන් බිම හෙළනසේක.
ගීතාවලිය 147:1-6 Sinhala New Revised Version (NRSV)
සමිඳුන්ට ප්රශංසා කරන්න; අපේ දෙවිඳුන්ට පසස් ගී ගැයීම යහපත් ය. එතුමන් පැසසීම පියකරු ය, හොබනේ ය. සමිඳාණෝ ජෙරුසලම ගොඩනඟන සේක. විප්රවාසී වූ ඉශ්රායෙල් සෙනඟ රැස් කරන සේක. එතුමාණෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක; ඔවුන්ගේ තුවාළ බඳින සේක. එතුමාණෝ තාරකා ගණන නියම කළ සේක. ඒ සියල්ලට නම් තබන සේක. අප සමිඳාණෝ උතුම් ය: ඉතා බලසම්පන්න ය; එතුමන්ගේ ඥානය අසීමිත ය. සමිඳාණෝ දීනයන් ඔසවන සේක; දුදනන් පහතට හෙළන සේක.
ගීතාවලිය 147:1-6 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේට ප්රශංසා කරන්න; අපේ දෙවිඳුන්ට පසස් ගී ගැයීම යහපත් ය. එතුමාණෝ පැසසීම පියකරු ය, හොබනේ ය. සමිඳාණෝ ජෙරුසලම ගොඩනඟන සේක. විප්රවාසී වූ ඉශ්රායෙල් සෙනඟ රැස් කරන සේක. එතුමාණෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක; ඔවුන්ගේ තුවාළ බඳින සේක. එතුමාණෝ තාරකා ගණන නියම කළ සේක. ඒ සියල්ලට නම් තබන සේක. අප සමිඳාණෝ උතුම් ය: ඉතා බලසම්පන්න ය; එතුමාණන්ගේ ඥානය අසීමිත ය. සමිඳාණෝ දීනයන් ඔසවන සේක; දුදනන් පහතට හෙළන සේක.
ගීතාවලිය 147:1-6 New International Version (NIV)
Praise the LORD. How good it is to sing praises to our God, how pleasant and fitting to praise him! The LORD builds up Jerusalem; he gathers the exiles of Israel. He heals the brokenhearted and binds up their wounds. He determines the number of the stars and calls them each by name. Great is our Lord and mighty in power; his understanding has no limit. The LORD sustains the humble but casts the wicked to the ground.