ගීතාවලිය 146
146
ගීතාවලිය 146
1 ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
එම්බා මගේ ආත්මය, ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න.
2මා ජීවත් වන තාක් කල් ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්නෙමි;
මගේ ජීවිතය තියෙන තුරු මම මගේ දෙවියන්වහන්සේට පැසසුම් ගී ගයන්නෙමි.
3අධිපතීන් පිට විශ්වාසය නො තබන්න;
ගලවන්නට බලය නැති, මිනිසුන් වෙත විශ්වාසය නො තබන්න.
4ඔවුන්ගේ හුස්ම පිට ව ගිය කල, ඔවුහු ආපිට පොළෝ ගැබට හැරී යති;
හරියට ඒ දවසේ ම ඔවුන්ගේ සැලසුම් ද අභාවයට යයි.
5තමන්ගේ උපකාරය, යාකොබ්ගේ දෙවියන්වහන්සේ නම්,
තමන් බලාපොරොත්තුව, දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ නම්, එබන්දෝ භාග්‍යවත්හු ය.
6අහස ද පොළොව ද මුහුද ද
එහි ඇති සියල්ල ද සෑදුවේත්,
ඇදහිල්ල සදහට පවත්වන්නේත්,
7පීඩිතයින්ට යුක්තිය ඉෂ්ට කර දෙන්නේත්,
සාගිනිවූවනට අහර සපයා දෙන්නේත් උන්වහන්සේ ය.
ස්වාමින්වහන්සේ සිරකරුවන් නිදහස් කරන සේක.
8 ස්වාමින්වහන්සේ අන්ධයින්ගේ ඇස් විවර කරන සේක.
ස්වාමින්වහන්සේ පහතට නැමුණවුන් නගා සිටුවන සේක;
ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨයනට ප්‍රේම කරන සේක.
9 ස්වාමින්වහන්සේ ආගන්තුකයන් රැක බලාගන්නා සේක.
උන්වහන්සේ වැන්දඹුවන් හා පියා නැති අනාථයින් උසුලා දරන සේක;
එහෙත් උන්වහන්සේ දුෂ්ටයන්ගේ මාර්ග නැති-භංග කරන සේක.
10එම්බා සියොන, ස්වාමින්වහන්සේ, ඔබේ දෙවියන්වහන්සේ
සියලු පරම්පරා දක්වා සදහට ම රජකම් කරන සේක.
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන්න!
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 146: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: