ගීතාවලිය 145:4-7

ගීතාවලිය 145:4-7 SCV

එක් පරම්පරාවක් ඊළඟ පරම්පරාවට ඔබ කළ දෑ වර්ණනා කරනු ඇත; ඔබගේ පරාක්‍රමවත් ක්‍රියා ගැන ඔවුන් ප්‍රකාශ කරනු ඇත. ඔබගේ රාජත්වයේ තේජවත් ශෝභාශ්‍රීය මත, ඔබගේ ආශ්චර්යවත් ක්‍රියා මත මම භාවනා කරන්නෙමි. ඔබගේ බියජනක ක්‍රියාවල බලය ගැන ඔවුන් පවසනු ඇත; මම ඔබගේ උත්තම ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. ඔබගේ අධික යහගුණයේ කීර්තිය ඔවුහු තව තව පතුරුවති, ඔබගේ ධර්මිෂ්ඨත්වය හඬ නගා ගායනා කරති.