ගීතාවලිය 142:5-7

ගීතාවලිය 142:5-7 SCV

මම ඔබට මොර හඬ දෙමි අහෝ ස්වාමින්වහන්ස; මා කියන්නේ, “මගේ සරණය ඔබ ය; ජීවතුන්ගේ දේශයේ මගේ උරුම කොටස ද ඔබ ය” කියා ය. මගේ මොර ගෑමට කන් දෙන්න, මන්ද, මම බෙහෙවින් වික්ෂිප්ත ව සිටිමි; මා ලුහුබඳිනාවුන්ගෙන් මා මුදා ගත මැනව, මන්ද ඔවුන් මට වඩා බොහෝ බලවත් ය. ඔබගේ නාමයට මා ස්තුති කරන පිණිස මගේ සිර ගෙයින් මා නිදහස් කළ මැනව; එවිට ඔබ මට පෑ ත්‍යාගශීලීත්වය නිසා, ධාර්මිකයෝ මා වටා රොක් වනු ඇත.