ගීතාවලිය 142:5-7
ගීතාවලිය 142:5-7 සිංහල කාලීන පරිවර්තනය (SCV)
මම ඔබට මොර හඬ දෙමි අහෝ ස්වාමින්වහන්ස; මා කියන්නේ, “මගේ සරණය ඔබ ය; ජීවතුන්ගේ දේශයේ මගේ උරුම කොටස ද ඔබ ය” කියා ය. මගේ මොර ගෑමට කන් දෙන්න, මන්ද, මම බෙහෙවින් වික්ෂිප්ත ව සිටිමි; මා ලුහුබඳිනාවුන්ගෙන් මා මුදා ගත මැනව, මන්ද ඔවුන් මට වඩා බොහෝ බලවත් ය. ඔබගේ නාමයට මා ස්තුති කරන පිණිස මගේ සිර ගෙයින් මා නිදහස් කළ මැනව; එවිට ඔබ මට පෑ ත්යාගශීලීත්වය නිසා, ධාර්මිකයෝ මා වටා රොක් වනු ඇත.
ගීතාවලිය 142:5-7 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, මම ඔබට මොරගැසීමි; ඔබ මාගේ රක්ෂාස්ථානයත් ජීවතුන්ගේ දේශයෙහි මාගේ කොටසත්යයි කීයෙමි. මාගේ මොරගැසීමට කන්දුන මැනව; මක්නිසාද මම ඉතා පහත්කරනු ලැබීමි. මට පීඩාකරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව; මක්නිසාද ඔව්හු මට වඩා බලවත්ය. මා විසින් ඔබගේ නාමයට ස්තුතිකරන පිණිස මාගේ ආත්මය හිරගෙයින් මිදුව මැනව. ඔබ මට යහපත්කම්කරන බැවින් ධර්මිෂ්ඨයෝ මා පිරිවරාගන්නෝය.
ගීතාවලිය 142:5-7 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මම ඔබට මොරගැසීමි: ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක. මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය. මාගේ මොරගැසීමට කන් දුන මැනව. මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි. මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව. මන්ද, ඔව්හු මට වඩා බලවත් ය. දුක් නමැති දඟ ගෙයින් මා මිදුව මැනව. ඔබ මට යහපත කළ නිසා මම ඔබේ සැදැහැවතුන්ගේ සභාවෙහි ඔබට තුති පුදන්නෙමි.
ගීතාවලිය 142:5-7 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳුනි, මම ඔබට මොරගැසීමි: ඔබ මාගේ රක්ෂා ස්ථානය වන සේක. මේ ජීවිතේ දී මාගේ උරුමය ඔබ පමණක් ය. මාගේ මොරගැසීමට කන් දුන මැනව. මම දුක් සයුරේ කිඳා ගොස් සිටිමි. මට පීඩා කරන්නන්ගෙන් මා ගැළෙවුව මැනව. මන්ද, ඔව්හු මට වඩා බලවත් ය. දුක් නමැති දඟ ගෙයින් මා මිදුව මැනව. ඔබ මට යහපත කළ නිසා මම ඔබේ සැදැහැවතුන්ගේ සභාවෙහි ඔබට තුති පුදන්නෙමි.
ගීතාවලිය 142:5-7 New International Version (NIV)
I cry to you, LORD; I say, “You are my refuge, my portion in the land of the living.” Listen to my cry, for I am in desperate need; rescue me from those who pursue me, for they are too strong for me. Set me free from my prison, that I may praise your name. Then the righteous will gather about me because of your goodness to me.