ගීතාවලිය 142:1-3
ගීතාවලිය 142:1-3 SCV
මගේ කටහඬින් මම ස්වාමින්වහන්සේට මොර ගසමි; මගේ කටහඬින් මම ස්වාමින්වහන්සේට කන්නලව් කරමි. මගේ දුක්-ගැනවිල්ල මම උන්වහන්සේ ඉදිරියේ වගුරුවමි; මගේ කරදර මම උන්වහන්සේ ඉදිරියේ පවසමි. මගේ ආත්මය මා තුළ මැලවී, මා අධෛර්යට පත් වූ කල, මගේ මාර්ගය දන්නේ ඔබ ය. මා ගමන් ගන්නා මාවතෙහි මිනිස්සු රහසේ මට උගුලක් ඇටවූහ.

