ගීතාවලිය 139
139
ගීතාවලිය 139
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගෙනි. ගීතයකි.
1අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා සෝදිසි කළ සේක්,
මා කවුරුන්දැයි දැනගත් සේක.
2මගේ හිඳගැනීමත්, මගේ නැගිටීමත් දන්නා ඔබවහන්සේ,
මගේ සිතුම් පැතුම්, දුර තියාම වටහා ගන්නා සේක.
3මගේ පිටත් ව යෑම් හා මගේ විවේක ගැනීම් ගැන විමසිල්ලෙන් සිටින ඔබ,
මගේ මුළු ජීවිත රටාව ගැන මැනවින් දන්නා සේක.
4මගේ දිව අගට වචනයක් නැගෙන්නටත් පෙර,
අහෝ ස්වාමින්වහන්ස, ඔබ මුළුමනින් ම එය දන්නා සේක.
5පසුපසින් ද ඉදිරියෙන් ද මා වටලාගෙන ඇති ඔබ,
ඔබගේ හස්තය මා පිට තබා ඇත.
6එබඳු දැනගැන්ම මගේ වටහා ගැනීම ඉක්මවා යයි;
මට ළඟා විය නො හැකි තරමට එය උසස් ය.
7ඔබගේ ආත්මය වෙතින් මට බැහැර ව ගිය හැක්කේ කොතැනකට ද?
ඔබ අබියසින් මට පලා යා හැක්කේ කොතැනකට ද?
8ස්වර්ගයට මා නැග ගියහොත්, ඔබත් එහි සිටී;
මා ෂෙයෝලයේ#139:8 පාතාලයේ හෙවත් මළවුන්ගේ ස්ථානයේ සැතපුණත්, ඔබත් එතැන සිටී.
9අරුණැල්ලේ පියාපත් පිට මා නැගිටුන ද
මහ සයුරේ දුර කෙළවරේ පදිංචි වුණ ද
10එහිදී පවා ඔබගේ හස්තය මට මග පෙන්වන්නේ ය;
ඔබගේ දකුණු අත, තදින් මා අල්ලා ගන්නේ ය.
11“අඳුර සැබවින් ම මා සඟවා ගනීවි;
මා වටා ඇති එළිය අඳුරට හැරේවි” යි මා කීවත්,
12අඳුර පවා ඔබට අඳුරක් නො වේ;
රාත්‍රිය, ඔබ හමුවේ දහවල මෙන් බබළයි.
මන්ද අන්ධකාරය හා ආලෝකය අතර වෙනසක් ඔබට නැත.
13මගේ අභ්‍යන්තර කොටස් නිමැවූයේ ඔබ ය.
මගේ මව් කුස තුළ මා හැඩගැස්සුවේ ඔබ ය.
14මහා භයානක ලෙසත්, පුදුමාකාර ලෙසත් මා තනා ඇති බැවින් මම ඔබට ප්‍රශංසා කරමි.
ඔබගේ වැඩ පුදුමාකාර ය;
මගේ ජීවය හොඳින් ඒ වග දනී.
15රහසේ මා සැදුම් ලබන කල,
පොළෝ ගැඹුරේ දුරවබෝධ ව මා නිර්මිත වන කල,
මගේ සැකිල්ල ඔබගෙන් සැඟවී තිබුණේ නැත.
16මගේ රූපකාය සෑදෙන්නටත් පෙර, ඔබගේ ඇසට මා පෙනුණි;
මා උදෙසා නිර්මිත දවස් ගණන, ඒ එකකුදු උදාවන්නටත් පෙර,
ඔබගේ පොතේ ලියනු ලැබිණ.
17ඔබගේ සිතුවිලි මට කොතරම් අනර්ඝ ද! අහෝ දෙවියන්වහන්ස,
ඒවායේ මුළු ගණන කොතරම් අපරිමිත ද!
18මම ඒවා ගණන් කරම් ද?
ඒවා පොළොවේ වැලිවලටත් වඩා වැඩි ය.
මා අවදි වන කල, මෙන්න, මා තවමත් ඔබ සමඟ ය.
19අහෝ දෙවියන්වහන්ස, ඔබවහන්සේ දුෂ්ටයින් මරා දමන සේක් නම්!
එම්බා ලේ පිපාසිත මිනිසුනි, මවෙතින් බැහැර ව යනු.
20ඔවුහු ඔබ ගැන කතා කරති; එහෙත් ඒ දුෂ්ට සිතකිනි.
ඔබගේ එදිරිවාදීහු ඔබගේ නාමය අපයෝජන කරති.
21අහෝ ස්වාමින්වහන්ස, ඔබට වෛර කරන්නන්ට මම වෛර නො කරම් ද?
ඔබට එරෙහිව නැගී සිටින්නන් මම පිළිකුල් නො කරම් ද?
22ඔවුන් පිළිබඳව මට ඇත්තේ ද්වේෂයකි.
මා ඔවුන් සලකන්නේ සතුරන් ලෙසිනි.
23මා සෝදිසි කර මගේ හදවත දැනගත මැනව;
අහෝ දෙවියන්වහන්ස, මා පිරික්සා බලා, මගේ තැවුල් සිතුවිලි දැනගත මැනව.
24ඔබට විරෝධී යම් මාර්ගයක් මා තුළ වේ දැයි බැලුව මැනව;
සදාතන මාවතෙහි මට මගපෙන්වුව මැනව.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 139: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: