ස්වාමින්වහන්සේ, තමන්ට ම යාකොබ් ද තම අගනා වස්තුව ලෙස ඉශ්‍රායෙල් ද තෝරාගත් සේක. ස්වාමින්වහන්සේ ශ්‍රේෂ්ඨ වග, අපගේ ස්වාමින් සියලු දෙවිවරුනට වඩා ශ්‍රේෂ්ඨ වග මම දනිමි. ස්වාමින්වහන්සේ අහස් තුළ ද පොළොව පිට ද සාගර තුළ හා මුළු ගැඹුරේ ද තමන් අබිමත කවරක් වුව කරන සේක. පොළෝ කෙළවරින් වලාකුළු නැගෙන්නට සලස්වන්නේ උන්වහන්සේ ය; වැස්සට පෙර විදුලිය එවන්නේත්, තම ගබඩාවලින් සුළං පිටතට ගෙනෙන්නේත්, උන්වහන්සේ ය. මිනිසුන්ගේ මෙන් ම සතුන්ගේ ද යන වශයෙන් ඊජිප්තුවේ කුලුඳුලන් ගසා හෙළුවේ, උන්වහන්සේ ය. එම්බා ඊජිප්තුව, නුඹ මධ්‍යයේ පාරාවෝටත්, ඔහුගේ සියලු සේවකයින්ටත් එරෙහිව ලකුණු හා පුදුම එවුවේ, උන්වහන්සේ ය. නොයෙකුත් ජාතීන් ගසා හෙළා, බලගතු රජවරුන් මරා දැමුවේ උන්වහන්සේ ය; එනම්, අමෝරිවරුන්ගේ රජු වූ සීහොන් ද බාෂාන්හි රජු වූ ඕග් ද කානාන්හි සියලු රාජ්‍යයන් ද යන වශයෙනි. උන්වහන්සේ, ඔවුන්ගේ දේශය උරුමයක් කොට, උන්වහන්සේගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුනට උරුමයක් කොට දුන් සේක. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නාමය සදහට ම පවතින්නේ ය; ඔබගේ යශෝරාවය, අහෝ ස්වාමින්වහන්ස, සියලු පරම්පරා දක්වා පවතින්නේ ය.
ගීතාවලිය 135 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගීතාවලිය 135:4-13
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ