ගීතාවලිය 128

128
ගීතාවලිය 128
ආරෝහණ ගීයකි.
1 ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී සියල්ලෝ,
උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරන හැම කෙනකු ම භාග්‍යවත් ය.
2ඔබගේ අත්වල මහන්සියේ පල ඔබ භුක්ති විඳිනු ඇත.
ආශිර්වාද ලබනු ඇත. ශුභ සිද්ධිය ඔබ සමඟ වන්නේ ය.
3ඔබේ බිරිඳ, ඔබේ නිවස තුළ
පලබර මිදි වැලක් මෙන් වනු ඇත.
ඔබේ මේසය වටා ඔබේ පුතුන්,
ඔලීව පැළ මෙන් වනු ඇත.
4මෙන්න මෙයයි!
ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසාගේ භාග්‍යය.
5සියොනෙහි සිට ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා!
ඔබේ ජීවිතයේ සියලු දවස්හි යෙරුසලමෙහි සෞභාග්‍යය,
ඔබට දක්නට ලැබේවා!
6ඔබේ දරුවන්ගේ දරුවන් ද ඔබට දකින්නට ලැබේවා!
සාමය ඉශ්‍රායෙල් සමඟ වේවා!

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 128: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න