ගීතාවලිය 128:1-6

ගීතාවලිය 128:1-6 SCV

ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී සියල්ලෝ, උන්වහන්සේගේ මාර්ගවල ගමන් කරන හැම කෙනකු ම භාග්‍යවත් ය. ඔබගේ අත්වල මහන්සියේ පල ඔබ භුක්ති විඳිනු ඇත. ආශිර්වාද ලබනු ඇත. ශුභ සිද්ධිය ඔබ සමඟ වන්නේ ය. ඔබේ බිරිඳ, ඔබේ නිවස තුළ පලබර මිදි වැලක් මෙන් වනු ඇත. ඔබේ මේසය වටා ඔබේ පුතුන්, ඔලීව පැළ මෙන් වනු ඇත. මෙන්න මෙයයි! ස්වාමින්වහන්සේට භය පක්ෂපාත මිනිසාගේ භාග්‍යය. සියොනෙහි සිට ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා! ඔබේ ජීවිතයේ සියලු දවස්හි යෙරුසලමෙහි සෞභාග්‍යය, ඔබට දක්නට ලැබේවා! ඔබේ දරුවන්ගේ දරුවන් ද ඔබට දකින්නට ලැබේවා! සාමය ඉශ්‍රායෙල් සමඟ වේවා!

ගීතාවලිය 128:1-6 සඳහා වීඩියෝව

ගීතාවලිය 128:1-6 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය