ගීතාවලිය 122
122
ගීතාවලිය 122
ආරෝහණ ගීයකි. දාවිත්ගෙනි.
1“යමු අපි ස්වාමින්වහන්සේගේ ගෘහයට” යි
ඔවුන් මට කී කල, මම සන්තෝෂ වීමි.
2එම්බා යෙරුසලම, මෙන්න, දැන් අපි දෙපයින් නැගී සිටගෙන සිටින්නේ,
ඔබේ දොරටු ඇතුළත ය.
3යෙරුසලම ගොඩ නගනු ලැබ ඇත්තේ,
එක්සත් ව බැඳුණු නගරයක් පරිද්දෙනි.
4ගෝත්‍රයෝ,
එනම් ස්වාමින්වහන්සේගේ ගෝත්‍රයෝ
ඉශ්‍රායෙල්වරුනට දෙන ලද පනත් ප්‍රකාර,
ස්වාමින්වහන්සේට ප්‍රශංසා කරන පිණිස යන්නේ එතැනට ය.
5විනිශ්චයේ සිංහාසන පිහිටා ඇත්තේ එහි ය;
ඒවා දාවිත් වංශයේ සිංහාසන වේ.
6යෙරුසලමේ සාමය උදෙසා යාච්ඤා කරන්න:
“ඔබට ප්‍රේම කරන්නෝ සුරක්ෂිත වේවා!
7ඔබගේ පවුරු ඇතුළත සාමය පවතීවා!
ඔබගේ බළකොටු ඇතුළත රැකවරණ සැලසේවා!”
8මගේ සහෝදරයින් ද මගේ මිතුරන් ද උදෙසා මම මෙසේ පතමි,
“ඔබ ඇතුළත සාමය වේවා.”
9අපගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ නාමයෙන්
මම ඔබගේ සෙත සොයමි.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 122: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.