ගීතාවලිය 119:71-75

ගීතාවලිය 119:71-75 SCV

ඔබගේ නියෝග ඉගෙන ගන්නා පිණිස, පීඩා විඳීම මට හොඳ ය. රන්මසු හා රිදී දහස් ගණනකටත් වඩා ඔබගේ මුවෙහි ව්‍යවස්ථාව, මට අගනේ ය. මා මවා, හැඩගස්වනු ලැබ ඇත්තේ, ඔබගේ අත්වලිනි; ඔබගේ ආඥා ඉගෙනීමට, මට වැටහීම දුන මැනව. ඔබට භය පක්ෂපාතී ඇත්තෝ, මා දකින කල ප්‍රීති ප්‍රමෝද වෙත්වා; මන්ද ඔබගේ වචනය තුළ මට බලාපොරොත්තුව ඇත. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන් ධර්මිෂ්ඨ බවත්, ඔබ මට පීඩා පැමිණවූයේ, විශ්වාසවන්ත භාවයෙන් බවත් මම දනිමි.