ගීතාවලිය 119:71-75
ගීතාවලිය 119:71-75 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඔබගේ නියෝග ඉගෙන ගන්නා පිණිස, පීඩා විඳීම මට හොඳ ය. රන්මසු හා රිදී දහස් ගණනකටත් වඩා ඔබගේ මුවෙහි ව්‍යවස්ථාව, මට අගනේ ය. මා මවා, හැඩගස්වනු ලැබ ඇත්තේ, ඔබගේ අත්වලිනි; ඔබගේ ආඥා ඉගෙනීමට, මට වැටහීම දුන මැනව. ඔබට භය පක්ෂපාතී ඇත්තෝ, මා දකින කල ප්‍රීති ප්‍රමෝද වෙත්වා; මන්ද ඔබගේ වචනය තුළ මට බලාපොරොත්තුව ඇත. අහෝ ස්වාමින්වහන්ස, ඔබගේ නියමයන් ධර්මිෂ්ඨ බවත්, ඔබ මට පීඩා පැමිණවූයේ, විශ්වාසවන්ත භාවයෙන් බවත් මම දනිමි.
ගීතාවලිය 119:71-75 Sinhala Revised Old Version (SROV)
ඔබගේ පනත් ඉගෙනගන්නා පිණිස මට විපත්ති පැමුණුණා යහපති. රන්රිදී දහස් ගණනකට වඩා ඔබගේ මුඛයෙන් නික්මුණු ව්‍යවස්ථාව මට යහපත්ය. ඔබගේ හස්තයෝ මා සාදා නිර්මිත කළෝය. ඔබගේ ආඥා ඉගෙනගන්නා පිණිස මට නුවණ දුන මැනව. ඔබ කෙරෙහි භය ඇත්තෝ මා දැක සන්තෝෂවන්නෝය. මක්නිසාද මම ඔබගේ වචනය කෙරෙහි බලාපොරොත්තුවීමි. ස්වාමිනි ඔබගේ විනිශ්චයන් ධර්මිෂ්ඨ බවත්, විශ්වාසකමින් ඔබ මට පීඩාකළ බවත් දනිමි.
ගීතාවලිය 119:71-75 Sinhala New Revised Version (NRSV)
පීඩා විඳීම මට යහපතක් විය; එයින් ඔබේ පණත් ඉගෙනගතිමි. ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය. සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය. මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි. සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි.
ගීතාවලිය 119:71-75 Sinhala New Revised Version 2018 (SNRV)
පීඩා විඳීම මට යහපතක් විය; එයින් ඔබේ පනත් ඉගෙනගතිමි. ඔබ වදාළ ව්‍යවස්ථාව මසුරන් දහසකට වඩා මට අගේ ය. සිය’තින් මා මවා, රක්නා සමිඳුනි, ඔබේ ආඥා ඉගෙනගන්න පිණිස මට නුවණ දුන මැනව. ඔබ කෙරෙහි ගරුබිය ඇත්තෝ මා දැක සතුටු වන්නෝ ය. මන්ද, මම ඔබේ පොරොන්දුව කෙරෙහි බලාපොරොත්තුව තබමි. සමිඳුනි, ඔබේ විනිශ්චයයන් සාධාරණ බවත්, ඔබ විශ්වාසවන්ත නිසා මට පීඩා කළ බවත් දනිමි.
ගීතාවලිය 119:71-75 New International Version (NIV)
It was good for me to be afflicted so that I might learn your decrees. The law from your mouth is more precious to me than thousands of pieces of silver and gold. Your hands made me and formed me; give me understanding to learn your commands. May those who fear you rejoice when they see me, for I have put my hope in your word. I know, LORD, that your laws are righteous, and that in faithfulness you have afflicted me.