ගීතාවලිය 118
118
ගීතාවලිය 118
1 ස්වාමින්වහන්සේට ස්තුති කරන්න, මන්ද, උන්වහන්සේ යහපත් ය;
උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ ය.
2ඉශ්රායෙල් මෙසේ කියත්වා:
“උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.”
3ආරොන් වංශය මෙසේ කියත්වා:

4 ස්වාමින්වහන්සේට භය පක්ෂපාත ඇත්තෝ ද,
“උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට ම පවතින්නේ යැ” යි කියත්වා!
5මගේ විපත්තියේදී ස්වාමින්වහන්සේට මම කන්නලව් කළෙමි;
උන්වහන්සේ ඊට ප්‍රතිචාර දක්වමින්, නිදහස් තැනක මා තැබූ සේක.
6 ස්වාමින්වහන්සේ මා සමඟ බැවින් මම බය නො වන්නෙමි;
මිනිසා මට කුමක් කරන්න ද?
7 ස්වාමින්වහන්සේ මා පසෙක ය; උන්වහන්සේ මගේ සහායකයාණන් ය.
මා මගේ සතුරන් දෙස බලන්නේ ජයග්‍රාහී බැල්මෙනි.
8මිනිසා ගැන විශ්වාසය තැබීමට වඩා,
ස්වාමින්වහන්සේ තුළ සරණය ලැබීම යහපත.
9අධිපතීන් ගැන විශ්වාසය තැබීමට වඩා,
ස්වාමින්වහන්සේ තුළ සරණය ලැබීම යහපත.
10සියලු ජාතීහු මා වට කොට ගත්හ;
එහෙත් ස්වාමින්වහන්සේගේ නාමයෙන් මම ඔවුන් සිඳ දැමීමි.
11ඔවුහු මා වට කළෝ ය, හැම පැත්තෙන් ම වට කළෝ ය;

12ඔවුහු මී මැසි පොදියක් මෙන් මා වටා රොක් වූහ,
එහෙත් ගිනිගත් කටු පඳුරක් වහා ඇවිළ යන්නා සේ, ඔවුහු වැනසී ගියහ;
ස්වාමින්වහන්සේගේ නාමයෙන් මම ඔවුන් සිඳ දැමීමි.
13තල්ලු කරනු ලැබ, මම වැටෙන්නට ගියෙමි;
එහෙත් ස්වාමින්වහන්සේ මට පිහිට වූ සේක.
14 ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය; මගේ ගීතය ය;
උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක.
15මෙන්න! ප්‍රීතියේ හා ජයග්‍රහණයේ කාහල නාදය,
දමිටුන්ගේ කූඩාරම්වල රැව් පිළිරැව් දේ:
“ස්වාමින්වහන්සේගේ සුරතින් වික්‍රමාන්විත දෑ ඉටු කර තිබේ.
16 ස්වාමින්වහන්සේගේ සුරත, ඉහළට එසවී ඇත;
ස්වාමින්වහන්සේගේ සුරතින් වික්‍රමාන්විත දෑ ඉටු කර තිබේ.”
17මම නො නසින්නෙමි, මම ජීවත් වන්නෙමි;
ස්වාමින්වහන්සේ කළ දෑ ප්‍රකාශ කරන්නෙමි.
18 ස්වාමින්වහන්සේ දැඩි ව මා හික්මවූ සේක;
එහෙත් උන්වහන්සේ මරණයට මා යටත් නො කළ සේක.
19ධර්මිෂ්ඨත්වයේ දොරටු මට විවර කරන්න;
මම ඇතුල් වී, ස්වාමින්වහන්සේට ස්තුති කරන්නෙමි.
20 ස්වාමින්වහන්සේගේ දොරටුව මෙයයි;
ධර්මිෂ්ඨයෝ එතුළින් ඇතුල් වන්නෝ ය.
21මම ඔබට ස්තුති දෙන්නෙමි, මන්ද ඔබ මට උත්තර දුන් සේක;
ඔබ මගේ ගැලවීම වූ සේක.
22ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල,
ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් ව ඇත;
23මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි;
අපගේ ඇස් හමුවේ එය ආශ්චර්යවත් ය.
24 ස්වාමින්වහන්සේසෑදූ දවස#118:24 හෙවත් ස්වාමින්වහන්සේ එය කළ දවස මේ ය;
එන්න, අපි මෙදවසේ ප්‍රීතිවමු; ප්‍රමෝද වමු.
25අහෝ ස්වාමින්වහන්ස, අප ගැලෙවුව මැනව;
අහෝ ස්වාමින්වහන්ස, සඵලත්වය අපට දානය කළ මැනව.
26 ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තාණන් ආශිර්වාදිත ය;
ස්වාමින්වහන්සේගේ ගෘහයේ සිට අපි ඔබට ආශිර්වාද කරන්නෙමු.
27 ස්වාමින්වහන්සේ දෙවියන්වහන්සේ ය;
උන්වහන්සේ ස්වකීය ආලෝකය අප පිට බැබළෙන්නට සැලසූ සේක.
කොළ අතු අතේ දරා, පූජාසනයේ අං දක්වා ම
මංගල පෙරහැරට එකතු වන්න.
28ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ ය; මම ඔබට ස්තුති පුදන්නෙමි;
ඔබවහන්සේ මගේ දෙවියන්වහන්සේ ය; මම ඔබ වර්ණනා කරන්නෙමි.
29 ස්වාමින්වහන්සේට ස්තුති කරන්න; මන්ද, උන්වහන්සේ යහපත් ය.
උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය සදහට පවතින්නේ ය.
දැනට තෝරාගෙන ඇත:
ගීතාවලිය 118: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: