ගීතාවලිය 118:14-24
ගීතාවලිය 118:14-24 SCV
ස්වාමින්වහන්සේ මගේ ශක්තිය ය; මගේ ගීතය ය; උන්වහන්සේ මගේ ගැලවීම වූ සේක. මෙන්න! ප්‍රීතියේ හා ජයග්‍රහණයේ කාහල නාදය, දමිටුන්ගේ කූඩාරම්වල රැව් පිළිරැව් දේ: “ස්වාමින්වහන්සේගේ සුරතින් වික්‍රමාන්විත දෑ ඉටු කර තිබේ. ස්වාමින්වහන්සේගේ සුරත, ඉහළට එසවී ඇත; ස්වාමින්වහන්සේගේ සුරතින් වික්‍රමාන්විත දෑ ඉටු කර තිබේ.” මම නො නසින්නෙමි, මම ජීවත් වන්නෙමි; ස්වාමින්වහන්සේ කළ දෑ ප්‍රකාශ කරන්නෙමි. ස්වාමින්වහන්සේ දැඩි ව මා හික්මවූ සේක; එහෙත් උන්වහන්සේ මරණයට මා යටත් නො කළ සේක. ධර්මිෂ්ඨත්වයේ දොරටු මට විවර කරන්න; මම ඇතුල් වී, ස්වාමින්වහන්සේට ස්තුති කරන්නෙමි. ස්වාමින්වහන්සේගේ දොරටුව මෙයයි; ධර්මිෂ්ඨයෝ එතුළින් ඇතුල් වන්නෝ ය. මම ඔබට ස්තුති දෙන්නෙමි, මන්ද ඔබ මට උත්තර දුන් සේක; ඔබ මගේ ගැලවීම වූ සේක. ඉදිකරන්නන් විසින් ඉවත ලූ ගල, ප්‍රධාන ඉදිකිරීම් ගල බවට පත් ව ඇත; මෙය ස්වාමින්වහන්සේ ම කළ දෙයකි; අපගේ ඇස් හමුවේ එය ආශ්චර්යවත් ය. ස්වාමින්වහන්සේසෑදූ දවස මේ ය; එන්න, අපි මෙදවසේ ප්‍රීතිවමු; ප්‍රමෝද වමු.

