ගීතාවලිය 116:12-19

ගීතාවලිය 116:12-19 SCV

මට සලසා දුන් සියලු යහ දෑ උදෙසා මා, ස්වාමින්වහන්සේට දෙන්නේ මොනවා ද? මම ගැලවීමේ කුසලාන ඔසවන්නෙමි; ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කරන්නෙමි. උන්වහන්සේගේ මුළු ජනයා ඉදිරියේ ස්වාමින්වහන්සේට වූ බාර මම ඉටු කරන්නෙමි. ස්වකීය ශුද්ධවතුන්ගේ මරණය, ස්වාමින්වහන්සේගේ ඇස් හමුවෙහි අනර්ඝ දෙයකි. අහෝ ස්වාමින්වහන්ස, සැබවින් ම මා ඔබගේ සේවකයා ය; ඔබගේ මේ සේවකයා, ඔබගේ සේවිකාවගේ පුත්‍රයා ය; මගේ බැඳුම්වලින් ඔබ මා මිදූ සේක. මම ස්තුති දීමේ පූජාවක් ඔබට යාග කරන්නෙමි. ස්වාමින්වහන්සේගේ නාමයට යාච්ඤා කරන්නෙමි. ස්වාමින්වහන්සේට වූ බාර උන්වහන්සේගේ සමස්ත ජනයා ඉදිරියෙහි මම ඉෂ්ට කරන්නෙමි. ස්වාමින්වහන්සේගේ ගෘහයේ මළුවලදී හා එම්බා යෙරුසලම, නුඹ මධ්‍යයේදී මම එය ඉෂ්ට කරන්නෙමි.