ගීතාවලිය 11

11
ගීතාවලිය 11
සංගීත අධ්‍යක්ෂක වෙත. දාවිත්ගෙනි.
1 ස්වාමින්වහන්සේ තුළ මම සරණ ලබමි.
එසේ නම්, කෙලෙස කියන්නේ ද ඔබ මට,
“කුරුල්ලකු සේ නුඹේ කන්දට පලා යනු කියා?
2බලන්න, හදින් අවංකවුනට විදින පිණිස,
දුෂ්ටයෝ තමන්ගේ දුනු තැත් කවති,
ඔවුහු අඳුරට මුවා වී,
තම හී ගස්, දුනු-දියෙහි යොදති.
3පදනම් විනාශ කර දැමුණු කල,
ධර්මිෂ්ඨයාට කළ හැක්කේ කුමක් ද?”
4 ස්වාමින්වහන්සේ ස්වකීය ශුද්ධ මාලිගයේ ය.
ස්වාමින්වහන්සේ ස්වර්ගයේ ස්වකීය සිංහාසනයේ ය.
උන්වහන්සේ මිනිස් දූ පුතුන් නිරීක්ෂණ කරන සේක්,
ස්වකීය දෑසින් ඔවුන් පිරික්සන සේක.
5 ස්වාමින්වහන්සේ දමිටුන් පිරික්සන සේක්,
සැහැසිකමට හිත බැඳි අදමිටුන්ට
සපුරාම වෛර කරන සේක.
6අදමිටුන් පිට උන්වහන්සේ
ගිනිගත් අඟුරු හා දැවෙන ගෙන්දගම් වස්සන සේක.
ඔවුන්ට වෙන් කළ කොටස වන්නේ, ගිනියම් වියළි සුළඟ ය.
7මන්ද ස්වාමින්වහන්සේ ධර්මිෂ්ඨ ය.
උන්වහන්සේ යුක්තියට ප්‍රේම කරන සේක.
අවංක ජනයා උන්වහන්සේගේ මුහුණ දකිනු ඇත.

දැනට තෝරාගෙන ඇත:

ගීතාවලිය 11: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න