ගීතාවලිය 103:7-14
ගීතාවලිය 103:7-14 SCV
උන්වහන්සේ ස්වකීය මාර්ග මෝසෙස්ට ද ස්වකීය ක්‍රියා ඉශ්‍රායෙල් ජනයාට ද පෙන්වා දුන් සේක. ස්වාමින්වහන්සේ අනුකම්පා සහගත ය, දයාන්විත ය; වහා නො කිපෙන සුළු ය; නොමියෙන ප්‍රේමයෙන් අපරිමිත ය. උන්වහන්සේ හැම විට දෝෂාරෝපණ කරන්නේ නැත, ස්වකීය කෝපය සදහට තබා ගන්නේ නැත; අපේ පාපවලට දිය යුතු පරිදි, උන්වහන්සේ අපට දඬුවම් කළේ නැත; අපේ අයුතුකම්වලට සුදුසු අනිටු විපාක දුන්නේ ද නැත. මන්ද පොළොවට ඉහළින් අහස උස් ව තිබෙන්නා සේ, උන්වහන්සේට භය පක්ෂපාතී අයට උන්වහන්සේගේ නොමියෙන ප්‍රේමය ඒ සා අති මහත් ය. නැගෙනහිර, බස්නාහිරින් දුරස්ථ ව ඇත්තා සේ, අපේ අපරාධ, උන්වහන්සේ ඒ සා අප වෙතින් දුරු කළ සේක. පියකු තම දරුවනට අනුකම්පා කරන සේ, තමන්ට භය පක්ෂපාතවන්නන්ට ස්වාමින්වහන්සේ අනුකම්පා කරන සේක. මන්ද කෙසේ අප සාදන ලදදැයි උන්වහන්සේ දන්නා සේක, අප දූවිලි පමණක් වග උන්වහන්සේ සිහි කරන සේක.


