ගීතාවලිය 102:1-3

ගීතාවලිය 102:1-3 SCV

ඇසුව මැනවි මගේ යැදුම, අහෝ ස්වාමින්වහන්ස, උදවු ඉල්ලන මගේ හැඬුම, ඔබ අබිමුවට ළඟා වේවා. මගේ විපත් දවසේ මවෙතින්, ඔබේ මුහුණ සඟවා නො ගත මැනවි. මා ඔබට හඬ ගසන දවසේ, ඔබේ සවන් මවෙත හරවා, හනික මට උත්තර දුන මැනවි. මන්ද මගේ දවස් අතුරුදහන් වන්නේ, දුම් වගේ ය; මගේ ඇටකටු ඇවිළෙන්නේ, පෝරණුවක් වගේ ය.