ගීතාවලිය 102:1-3
ගීතාවලිය 102:1-3 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ඇසුව මැනවි මගේ යැදුම, අහෝ ස්වාමින්වහන්ස, උදවු ඉල්ලන මගේ හැඬුම, ඔබ අබිමුවට ළඟා වේවා. මගේ විපත් දවසේ මවෙතින්, ඔබේ මුහුණ සඟවා නො ගත මැනවි. මා ඔබට හඬ ගසන දවසේ, ඔබේ සවන් මවෙත හරවා, හනික මට උත්තර දුන මැනවි. මන්ද මගේ දවස් අතුරුදහන් වන්නේ, දුම් වගේ ය; මගේ ඇටකටු ඇවිළෙන්නේ, පෝරණුවක් වගේ ය.
ගීතාවලිය 102:1-3 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, මාගේ යාච්ඤාව ඇසුව මැනව, මාගේ මොරගැසීම ඔබ වෙතට පැමිණේවා. මට විපත්ති පැමිණි දවසේදී ඔබගේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව. මා දෙසට ඔබගේ කන යොමුකළ මැනව; මා අඬගසන දවසේ ඉක්මනින් මට උත්තරදුන මැනව. මක්නිසාද මාගේ දවස් දුම් මෙන් ගෙවීයයි, මාගේ ඇට ගිනිපෙනෙල්ලක් මෙන් දැවෙයි.
ගීතාවලිය 102:1-3 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා! මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව. මන්ද, මාගේ දවස් දුම් මෙන් පහ වී යයි, මාගේ ඇටකටු ගිනි උදුනක් මෙන් දැවෙයි.
ගීතාවලිය 102:1-3 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, මාගේ යැදුම ඇසුව මැනව. මාගේ මොරගැසීම ඔබ වෙත පැමිණේ වා! මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව. මන්ද, මාගේ දවස් දුම් මෙන් පහ වී යයි, මාගේ ඇටකටු ගිනි උදුනක් මෙන් දැවෙයි.
ගීතාවලිය 102:1-3 New International Version (NIV)
Hear my prayer, LORD; let my cry for help come to you. Do not hide your face from me when I am in distress. Turn your ear to me; when I call, answer me quickly. For my days vanish like smoke; my bones burn like glowing embers.