හිතෝපදේශ 6
6
අනුවණ ක්‍රියා ගැන අනතුරු ඇඟවීම්
1මා පුත, ඔබේ අසල්වැසියා උදෙසා ඔබ ඇපකරුවකු වී නම්,
අනෙකකු වෙනුවෙන් අත තබා දිවුරුවේ නම්,
2ඔබ කී දෙයකින් පටලැවිල්ලකට මැදි වී,
ඔබේ මුවේ වචන නිසා උගුලකට හසු වී නම්,
3මා පුත, ඔබේ අසල්වැසියාගේ අත්වලට ඔබ එසේ හසු වී සිටී නම්,
මෙසේ කර ගැලවී ගන්න:
ඔබ ම ගොස්, ඔහු ඉදිරියේ යටහත් වී,
ඔබේ අසල්වැසියාට කරුණු කියමින් බල කරන්න.
4ඔබේ ඇසට නින්ද නො දී,
ඔබේ ඇහිපිය නිදි බර නො වී,
5දඩයක්කරුගේ අතින් මිදී යන තිත් මුවකු පරිද්දෙන්,
කුරුලු දඩයම්කරුගේ උගුලින් පැන යන කුරුල්ලකු පරිද්දෙන් නිදහස් ව යන්න.
6එම්බා අලසය, කූඹියා ළඟට ගොස්,
උගේ ක්‍රියා මාර්ග සිතට ගෙන ප්‍රඥාවත් වන්න.
7උන්ට නායකයෙක් නැත, වැඩ බලන්නෙක් නැත;
පාලකයෙක් ද නැත.
8එහෙත් උන් ගිම්හාන කාලයේ ආහාර රැස් කර ගනී;
අස්වනු කාලයේ කෑම ගබඩා කර ගනී.
9එම්බා අලසය, තව කොතෙක් වේලා ඔතැන නිදා සිටිනවා ද?
ඔය නින්දෙන් අවදි වන්නේ කවදා ද?
10ටිකක් නිදාගැනීමකි, ඩිංගක් ඇහැපියා ගැනීමකි,
ටික වේලාවක් අත් දෙක පොරවා ගැනීමකි,
11එවිට ඔබට, දුප්පත්කම සොරකු මෙන් පැමිණේ;
අවිගත්තකු සේ හිඟකම ඔබ යටත් කර ගනී.
12කමකට නැති, දුර්ජන මිනිසා,
දූෂිත කතාවෙන් යුතු ව තැන තැන ඇවිදියි.
13ඔහු තම ඇස්ගසා ඉඟි කරයි,
පාදයෙන් සංඥා කරයි,
තම ඇඟිලිවලින් නිමිති දක්වයි.
14ඔහු වංචාව සිතේ තබාගෙන, නපුරු උපා යොදමින්,
හැම විට භේද-භින්න ඇති කරයි.
15එබැවින්, එක් ඇසිල්ලකින් විපත්තිය ඔහු යට කර ගනු ඇත;
සුවයකට ඉඩක් නො ලැබ හදිසියේ ම ඔහු වැනසී යනු ඇත.
16 ස්වාමින්වහන්සේ ද්වේෂ කරන කරුණු හයක් ඇත,
උන්වහන්සේ පිළිකුල් කරන කරුණු හතක් ඇත:
17අහංකාර ඇස්,
බොරුකාර දිව,
අහිංසක ලේ හලන අත්,
18දුෂ්ට ප්‍රයෝග සැලසුම් කරන හදවත,
නපුර කරන්නට කඩිසර වන දෙපා,
19බොරුව වගුරු වන බොරු සාක්ෂි හා
සහෝදරයින් අතර භේද වපුරන්නා.
පරදාර සේවනය ගැන අනතුරු ඇඟවීම්
20මා පුත, ඔබේ පියාගේ ආඥා පිළිපදින්න;
ඔබේ මවගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප නො කරන්න.
21නිරතුරු ව ඒවා ඔබේ හදවතේ බැඳ ගන්න;
ඔබේ ගෙල වටා ඔතාගන්න.
22එවිට ඔබ ගමන් කරන විට ඒවා ඔබට මග පෙන්වාවි;
ඔබ නිදා සිටින විට ඒවා ඔබ රැක බලා ගනීවි;
ඔබ අවදි වන කල ඒවා ඔබට කතා කරාවි.
23මන්ද මේ ආඥා පහනක් ය,
මේ ඉගැන්වීම් එළියක් ය,
ශික්ෂණයේ තරවටු
ජීවනයට මාර්ගය ය.
24දුශ්චරිතවත් ගැහැණියගෙන් ද
අන් සතු අසංවර තැනැත්තියකගේ චාටු කතාවෙන් ද ඒවා ඔබ ආරක්ෂා කරයි.
25ඇගේ රූ සිරියට ඔබේ සිතින් ගිජු නො වන්න;
ඇගේ ඇස්වලින් ඔබ ඇගේ වසඟයට පත් නො වේවා!
26වෙසඟනකගේ මිල එක රොටියක් පමණි;
අනාචාර පර අඹුවක් ඔබේ මුළු ජීවිතයට ම දැල එලනු ඇත.
27තමාගේ ඇඳුම් පුලුස්සා ගන්නේ නැතිව,
මිනිසකුට ගින්දර තම ඔඩොක්කුවේ දමා ගත හැකි ද?
28තම දෙපා පුලුස්සා ගන්නේ නැතිව
මිනිසකුට ගිනි අඟුරු පිට ඇවිදිය හැකි ද?
29අන් කෙනකුගේ බිරිඳ සමඟ කම්සැප විඳින්නාට ද එලෙස වෙයි;
ඇය ස්පර්ශ කරන කිසිවකුත් දඬුවම් නො ලැබ නො සිටී.
30සොරකු සාගිනි ව සිටියදී, තම කුසගින්න නිවා ගැන්මට සොරකම් කළ විටෙක,
මිනිස්සු එය දැඩි සේ නීච කොට නො සලකති;
31එහෙත් ඔහු අසු වුවහොත්, සත් ගුණයක් ආපසු ගෙවන්නට ඔහුට සිදු වෙයි;
එය, ගේ-දොර ඇතුළු තමන් සන්තක සියල්ල විය හැකි ය.
32එහෙත් පරදාර සේවනයේ යෙදෙන මිනිසාට විචාර බුද්ධියක් නැත;
එසේ කරන්නා තමා ම විනාශ කර ගනී.
33ඔහුට හිමි වන්නේ පීඩාව හා නින්දාවයි.
ඔහුට වන ලජ්ජාව කිසි කල මැකිය හැකි නො වේ.
34මන්ද ඊර්ෂ්‍යාව සැමියකු කෝපාවිෂ්ට කරයි;
ඔහු පළිය ගන්නේ දයා විරහිත ව ය.
35අලාභයේ හිලව්වට ඔහු කිසිවක් බාර නො ගනී;
කොතරම් විශාල ගණනකින් වුව ඔහු අල්ලසක් නො ගනී.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 6: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: