හිතෝපදේශ 31
31
ලෙමුවෙල් රජුගේ කියමන්
1ලෙමුවෙල් රජුගේ කියමන්, ඔහුගේ මව විසින් ඔහුට උගන්වනු ලැබූ දිව්‍ය ප්රකාශනයකි.
2අහෝ මගේ පුත්‍රය, අහෝ මගේ ගර්භයේ පුත්‍රය,
අහෝ මගේ බාර-හාරවල පුත්‍රය,
3නුඹේ කාය ශක්තිය ස්ත්රීන්ට වැය නො කරන්න;
නුඹේ දිවි සම්පත රජුන් නාස්ති කරන්නියනට නො දෙන්න.
4මිදි යුෂ පානය රජුන්ට හොඳ නැත,
මත්පැන් ලෝලය පාලකයින්ට හරි නැත;
එම්බා ලෙමුවෙල්, ඒවා රජුන් උදෙසා නො වේ.
5මත් වී, නීති නියෝග අමතක නො කරන පිණිසත්,
පීඩිතයින්ගේ අයිතීන් පැහැර නොහරින පිණිසත්, රජුන් මත්පැනින් වැළකුණා වේ!
6විනාශ වන්නන්ට මත්පැන් දෙන්න;
සෝ සන්තාප ඇතියවුන්ට මිදි යුෂ දෙන්න.
7ඔවුන් බී, මත් ව, තම දුගී භාවය අමතක කළා වේ;
තම දුක්ඛිතභාවය මතක නැති කළා වේ.
8තමන් උදෙසා කරුණු කියන්නට බැරි අය වෙනුවෙන් කතා කරන්න;
අනාථ අසරණයින්ගේ අයිතීන් උදෙසා කතා කරන්න.
9ඔවුන් වෙනුවෙන් කතා කොට, සාධාරණ ව විනිශ්චය කරන්න;
දුගී-දුප්පතුන්ගේ, නැති-බැරිවුන්ගේ අයිතීන් රැක දෙන්න.
ගුණවත් කාන්තාව
10ගුණ යහපත් බිරිඳක් සොයාගත හැක්කේ කවරකුට ද?
ඇගේ වටිනාකම රතු කැටවලටත් වඩා වැඩි ය.
11ඇගේ සැමියා ඇය ගැන සම්පූර්ණ විශ්වාසය තබයි;
ලාභ ප්රයෝජනවලින් ඔහුට කිසි අඩුවක් නො වේ.
12ජීවිත කාලය පුරා ඈ ඔහුට සෙත සලසන්නී,
කිසි අනර්ථයක් නො කරන්නී ය.
13ඈ මැහුමට, ගෙතුමට අවැසි දෑ ගෙන, ලොම් හා හණ සපයා ගෙන
උනන්දුවෙන් අත්කම්වල යෙදෙන්නී ය.
14ඈ වෙළඳ නැවක් වැනි ය;
ඈ තම ආහාර ද්‍රව්‍ය දුර-බැහැරින් ගෙන්වා ගන්නී ය.
15අරුණෝදයටත් පෙර පිබිදෙන ඈ,
තම පවුලේ උදවියට අහර සකසන්නී ය;
තම සේවිකාවනට වැඩ පවරන්නී ය.
16ඈ ඉඩමක් ගැන සොයා බලා, එය මිලයට ගන්නී,
ඇය ඉපැයූ දෙයින් මිදි වත්තක් වවන්නී ය.
17ඈ ධෛර්යය සම්පන්න ව වැඩෙහි යෙදෙන්නී,
කරන වැඩට සරිලන සේ දෑත හුරුකර ගන්නී ය.
18තම ව්‍යාපාර ලාභදායි වග ඈ දකින්නී ය;
ඇගේ පහන රෑ පුරාවට නො නිවේ.
19ඇගේ දෑත රෙදි විවීමෙහි ද
ඇගේ අතැඟිලි නූල් කැටීමෙහි ද යෙදෙයි.
20නො මසුරු ව දිළිඳුන්ට දෙන ඈ,
නැති බැරි අයට අනුග්‍රහ දක්වන්නී ය.
21හිම වැටෙන ශීත කාලයට තම පවුල ගැන බයක් ඇයට නැත;
මන්ද ඒ හැමට උණුසුම් ඇඳුම් සූදානම් ව ඇත.
22ඈ තම ඇඳ-ඇතිරිලි නිමවා ගන්නී ය;
ඈ සිනිඳු හණ පිළියෙන් හා රාජ වර්ණිත ඇඳුමින් සැරසී සිටින්නී ය.
23ඇගේ සැමියා දේශයේ ප්‍රජා මූලිකයින් සමඟ
පුර-ප්‍රජා පොළේ හිඳ ගන්නා කල, පිළිගනු ලබයි.
24ඈ හණ සළු පිළි වියා අලෙවි කරන්නී,
වෙළඳුන්ට බඳ පටි, සපයන්නී ය.
25ශක්තියෙන් ද ගෞරවයෙන් ද සැරසී සිටින ඇයට
මතු පැමිණෙන දවස් ඉදිරියේ සිනාසීමට පුළුවන.
26ඈ ප්‍රඥාවෙන් යුක්ත ව කතා කරන්නී,
තම දිවෙන් විශ්වසනීය උපදෙස් දෙන්නී ය.
27ඈ ගෙදර පවුලේ කටයුතු ගැන සොයා බලන්නී,
අලසකමින් කල් ගත නො කරන්නී ය.
28ඇගේ දරුවෝ නැගී සිට ඇයට ආශිර්වාද කරති;
ඇගේ සැමියා ද ඇගේ ගුණ වණමින්,
29“බොහෝ කාන්තාවෝ ගුණ යහපත් දේ කරන්නෝ ය;
එහෙත් ඔබ ඒ හැමට වඩා උදාර යැ” යි පවසයි.
30රූ සිරිය රැවටිලිකාර ය, ලස්සන නැති වී යයි;
එහෙත් ස්වාමින්වහන්සේට භය පක්ෂපාත කාන්තාව පැසසුම් ලබන්නී ය.
31ඇගේ වෙහෙසට සරිලන ඉටු විපාක ඇයට දෙන්න;
ඇගේ ඒ වැඩ කටයුතු ගැන පුර-ප්‍රජා පොළේදී ඇය පැසසුම් ලබාවා!
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 31: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.

: