හිතෝපදේශ 31:7-12
හිතෝපදේශ 31:7-12 SCV
ඔවුන් බී, මත් ව, තම දුගී භාවය අමතක කළා වේ; තම දුක්ඛිතභාවය මතක නැති කළා වේ. තමන් උදෙසා කරුණු කියන්නට බැරි අය වෙනුවෙන් කතා කරන්න; අනාථ අසරණයින්ගේ අයිතීන් උදෙසා කතා කරන්න. ඔවුන් වෙනුවෙන් කතා කොට, සාධාරණ ව විනිශ්චය කරන්න; දුගී-දුප්පතුන්ගේ, නැති-බැරිවුන්ගේ අයිතීන් රැක දෙන්න. ගුණ යහපත් බිරිඳක් සොයාගත හැක්කේ කවරකුට ද? ඇගේ වටිනාකම රතු කැටවලටත් වඩා වැඩි ය. ඇගේ සැමියා ඇය ගැන සම්පූර්ණ විශ්වාසය තබයි; ලාභ ප්‍රයෝජනවලින් ඔහුට කිසි අඩුවක් නො වේ. ජීවිත කාලය පුරා ඈ ඔහුට සෙත සලසන්නී, කිසි අනර්ථයක් නො කරන්නී ය.



