හිතෝපදේශ 31:10-31

හිතෝපදේශ 31:10-31 SCV

ගුණ යහපත් බිරිඳක් සොයාගත හැක්කේ කවරකුට ද? ඇගේ වටිනාකම රතු කැටවලටත් වඩා වැඩි ය. ඇගේ සැමියා ඇය ගැන සම්පූර්ණ විශ්වාසය තබයි; ලාභ ප්‍රයෝජනවලින් ඔහුට කිසි අඩුවක් නො වේ. ජීවිත කාලය පුරා ඈ ඔහුට සෙත සලසන්නී, කිසි අනර්ථයක් නො කරන්නී ය. ඈ මැහුමට, ගෙතුමට අවැසි දෑ ගෙන, ලොම් හා හණ සපයා ගෙන උනන්දුවෙන් අත්කම්වල යෙදෙන්නී ය. ඈ වෙළඳ නැවක් වැනි ය; ඈ තම ආහාර ද්‍රව්‍ය දුර-බැහැරින් ගෙන්වා ගන්නී ය. අරුණෝදයටත් පෙර පිබිදෙන ඈ, තම පවුලේ උදවියට අහර සකසන්නී ය; තම සේවිකාවනට වැඩ පවරන්නී ය. ඈ ඉඩමක් ගැන සොයා බලා, එය මිලයට ගන්නී, ඇය ඉපැයූ දෙයින් මිදි වත්තක් වවන්නී ය. ඈ ධෛර්යය සම්පන්න ව වැඩෙහි යෙදෙන්නී, කරන වැඩට සරිලන සේ දෑත හුරුකර ගන්නී ය. තම ව්‍යාපාර ලාභදායි වග ඈ දකින්නී ය; ඇගේ පහන රෑ පුරාවට නො නිවේ. ඇගේ දෑත රෙදි විවීමෙහි ද ඇගේ අතැඟිලි නූල් කැටීමෙහි ද යෙදෙයි. නො මසුරු ව දිළිඳුන්ට දෙන ඈ, නැති බැරි අයට අනුග්‍රහ දක්වන්නී ය. හිම වැටෙන ශීත කාලයට තම පවුල ගැන බයක් ඇයට නැත; මන්ද ඒ හැමට උණුසුම් ඇඳුම් සූදානම් ව ඇත. ඈ තම ඇඳ-ඇතිරිලි නිමවා ගන්නී ය; ඈ සිනිඳු හණ පිළියෙන් හා රාජ වර්ණිත ඇඳුමින් සැරසී සිටින්නී ය. ඇගේ සැමියා දේශයේ ප්‍රජා මූලිකයින් සමඟ පුර-ප්‍රජා පොළේ හිඳ ගන්නා කල, පිළිගනු ලබයි. ඈ හණ සළු පිළි වියා අලෙවි කරන්නී, වෙළඳුන්ට බඳ පටි, සපයන්නී ය. ශක්තියෙන් ද ගෞරවයෙන් ද සැරසී සිටින ඇයට මතු පැමිණෙන දවස් ඉදිරියේ සිනාසීමට පුළුවන. ඈ ප්‍රඥාවෙන් යුක්ත ව කතා කරන්නී, තම දිවෙන් විශ්වසනීය උපදෙස් දෙන්නී ය. ඈ ගෙදර පවුලේ කටයුතු ගැන සොයා බලන්නී, අලසකමින් කල් ගත නො කරන්නී ය. ඇගේ දරුවෝ නැගී සිට ඇයට ආශිර්වාද කරති; ඇගේ සැමියා ද ඇගේ ගුණ වණමින්, “බොහෝ කාන්තාවෝ ගුණ යහපත් දේ කරන්නෝ ය; එහෙත් ඔබ ඒ හැමට වඩා උදාර යැ” යි පවසයි. රූ සිරිය රැවටිලිකාර ය, ලස්සන නැති වී යයි; එහෙත් ස්වාමින්වහන්සේට භය පක්ෂපාත කාන්තාව පැසසුම් ලබන්නී ය. ඇගේ වෙහෙසට සරිලන ඉටු විපාක ඇයට දෙන්න; ඇගේ ඒ වැඩ කටයුතු ගැන පුර-ප්‍රජා පොළේදී ඇය පැසසුම් ලබාවා!

හිතෝපදේශ 31:10-31 බයිබල් පදය සහිත රූපය

හිතෝපදේශ 31:10-31 - ගුණ යහපත් බිරිඳක් සොයාගත හැක්කේ කවරකුට ද?
ඇගේ වටිනාකම රතු කැටවලටත් වඩා වැඩි ය.
ඇගේ සැමියා ඇය ගැන සම්පූර්ණ විශ්වාසය තබයි;
ලාභ ප්‍රයෝජනවලින් ඔහුට කිසි අඩුවක් නො වේ.
ජීවිත කාලය පුරා ඈ ඔහුට සෙත සලසන්නී,
කිසි අනර්ථයක් නො කරන්නී ය.
ඈ මැහුමට, ගෙතුමට අවැසි දෑ ගෙන, ලොම් හා හණ සපයා ගෙන
උනන්දුවෙන් අත්කම්වල යෙදෙන්නී ය.
ඈ වෙළඳ නැවක් වැනි ය;
ඈ තම ආහාර ද්‍රව්‍ය දුර-බැහැරින් ගෙන්වා ගන්නී ය.
අරුණෝදයටත් පෙර පිබිදෙන ඈ,
තම පවුලේ උදවියට අහර සකසන්නී ය;
තම සේවිකාවනට වැඩ පවරන්නී ය.
ඈ ඉඩමක් ගැන සොයා බලා, එය මිලයට ගන්නී,
ඇය ඉපැයූ දෙයින් මිදි වත්තක් වවන්නී ය.
ඈ ධෛර්යය සම්පන්න ව වැඩෙහි යෙදෙන්නී,
කරන වැඩට සරිලන සේ දෑත හුරුකර ගන්නී ය.
තම ව්‍යාපාර ලාභදායි වග ඈ දකින්නී ය;
ඇගේ පහන රෑ පුරාවට නො නිවේ.
ඇගේ දෑත රෙදි විවීමෙහි ද
ඇගේ අතැඟිලි නූල් කැටීමෙහි ද යෙදෙයි.
නො මසුරු ව දිළිඳුන්ට දෙන ඈ,
නැති බැරි අයට අනුග්‍රහ දක්වන්නී ය.
හිම වැටෙන ශීත කාලයට තම පවුල ගැන බයක් ඇයට නැත;
මන්ද ඒ හැමට උණුසුම් ඇඳුම් සූදානම් ව ඇත.
ඈ තම ඇඳ-ඇතිරිලි නිමවා ගන්නී ය;
ඈ සිනිඳු හණ පිළියෙන් හා රාජ වර්ණිත ඇඳුමින් සැරසී සිටින්නී ය.
ඇගේ සැමියා දේශයේ ප්‍රජා මූලිකයින් සමඟ
පුර-ප්‍රජා පොළේ හිඳ ගන්නා කල, පිළිගනු ලබයි.
ඈ හණ සළු පිළි වියා අලෙවි කරන්නී,
වෙළඳුන්ට බඳ පටි, සපයන්නී ය.
ශක්තියෙන් ද ගෞරවයෙන් ද සැරසී සිටින ඇයට
මතු පැමිණෙන දවස් ඉදිරියේ සිනාසීමට පුළුවන.
ඈ ප්‍රඥාවෙන් යුක්ත ව කතා කරන්නී,
තම දිවෙන් විශ්වසනීය උපදෙස් දෙන්නී ය.
ඈ ගෙදර පවුලේ කටයුතු ගැන සොයා බලන්නී,
අලසකමින් කල් ගත නො කරන්නී ය.
ඇගේ දරුවෝ නැගී සිට ඇයට ආශිර්වාද කරති;
ඇගේ සැමියා ද ඇගේ ගුණ වණමින්,
“බොහෝ කාන්තාවෝ ගුණ යහපත් දේ කරන්නෝ ය;
එහෙත් ඔබ ඒ හැමට වඩා උදාර යැ” යි පවසයි.
රූ සිරිය රැවටිලිකාර ය, ලස්සන නැති වී යයි;
එහෙත් ස්වාමින්වහන්සේට භය පක්ෂපාත කාන්තාව පැසසුම් ලබන්නී ය.
ඇගේ වෙහෙසට සරිලන ඉටු විපාක ඇයට දෙන්න;
ඇගේ ඒ වැඩ කටයුතු ගැන පුර-ප්‍රජා පොළේදී ඇය පැසසුම් ලබාවා!