හිතෝපදේශ 31:10-20

හිතෝපදේශ 31:10-20 SCV

ගුණ යහපත් බිරිඳක් සොයාගත හැක්කේ කවරකුට ද? ඇගේ වටිනාකම රතු කැටවලටත් වඩා වැඩි ය. ඇගේ සැමියා ඇය ගැන සම්පූර්ණ විශ්වාසය තබයි; ලාභ ප්‍රයෝජනවලින් ඔහුට කිසි අඩුවක් නො වේ. ජීවිත කාලය පුරා ඈ ඔහුට සෙත සලසන්නී, කිසි අනර්ථයක් නො කරන්නී ය. ඈ මැහුමට, ගෙතුමට අවැසි දෑ ගෙන, ලොම් හා හණ සපයා ගෙන උනන්දුවෙන් අත්කම්වල යෙදෙන්නී ය. ඈ වෙළඳ නැවක් වැනි ය; ඈ තම ආහාර ද්‍රව්‍ය දුර-බැහැරින් ගෙන්වා ගන්නී ය. අරුණෝදයටත් පෙර පිබිදෙන ඈ, තම පවුලේ උදවියට අහර සකසන්නී ය; තම සේවිකාවනට වැඩ පවරන්නී ය. ඈ ඉඩමක් ගැන සොයා බලා, එය මිලයට ගන්නී, ඇය ඉපැයූ දෙයින් මිදි වත්තක් වවන්නී ය. ඈ ධෛර්යය සම්පන්න ව වැඩෙහි යෙදෙන්නී, කරන වැඩට සරිලන සේ දෑත හුරුකර ගන්නී ය. තම ව්‍යාපාර ලාභදායි වග ඈ දකින්නී ය; ඇගේ පහන රෑ පුරාවට නො නිවේ. ඇගේ දෑත රෙදි විවීමෙහි ද ඇගේ අතැඟිලි නූල් කැටීමෙහි ද යෙදෙයි. නො මසුරු ව දිළිඳුන්ට දෙන ඈ, නැති බැරි අයට අනුග්‍රහ දක්වන්නී ය.

හිතෝපදේශ 31:10-20 බයිබල් පදය සහිත රූපය

හිතෝපදේශ 31:10-20 - ගුණ යහපත් බිරිඳක් සොයාගත හැක්කේ කවරකුට ද?
ඇගේ වටිනාකම රතු කැටවලටත් වඩා වැඩි ය.
ඇගේ සැමියා ඇය ගැන සම්පූර්ණ විශ්වාසය තබයි;
ලාභ ප්‍රයෝජනවලින් ඔහුට කිසි අඩුවක් නො වේ.
ජීවිත කාලය පුරා ඈ ඔහුට සෙත සලසන්නී,
කිසි අනර්ථයක් නො කරන්නී ය.
ඈ මැහුමට, ගෙතුමට අවැසි දෑ ගෙන, ලොම් හා හණ සපයා ගෙන
උනන්දුවෙන් අත්කම්වල යෙදෙන්නී ය.
ඈ වෙළඳ නැවක් වැනි ය;
ඈ තම ආහාර ද්‍රව්‍ය දුර-බැහැරින් ගෙන්වා ගන්නී ය.
අරුණෝදයටත් පෙර පිබිදෙන ඈ,
තම පවුලේ උදවියට අහර සකසන්නී ය;
තම සේවිකාවනට වැඩ පවරන්නී ය.
ඈ ඉඩමක් ගැන සොයා බලා, එය මිලයට ගන්නී,
ඇය ඉපැයූ දෙයින් මිදි වත්තක් වවන්නී ය.
ඈ ධෛර්යය සම්පන්න ව වැඩෙහි යෙදෙන්නී,
කරන වැඩට සරිලන සේ දෑත හුරුකර ගන්නී ය.
තම ව්‍යාපාර ලාභදායි වග ඈ දකින්නී ය;
ඇගේ පහන රෑ පුරාවට නො නිවේ.
ඇගේ දෑත රෙදි විවීමෙහි ද
ඇගේ අතැඟිලි නූල් කැටීමෙහි ද යෙදෙයි.
නො මසුරු ව දිළිඳුන්ට දෙන ඈ,
නැති බැරි අයට අනුග්‍රහ දක්වන්නී ය.