හිතෝපදේශ 3:5-10

හිතෝපදේශ 3:5-10 SCV

ඔබේ ම අවබෝධයෙහි පිහිටා නො සිට, ඔබේ මුළු හදින් ම ස්වාමින්වහන්සේ තුළ විශ්වාසය තබන්න. ඔබේ හැම මාර්ගයක් ම උන්වහන්සේට පිළිගන්වන්න; එවිට උන්වහන්සේ ඔබේ හැම මාවතක් ම ඇද නැති ඒවා කරනු ඇත. ඔබ ප්‍රඥාවත් යැයි ඔබ ම තක්සේරු කර නො ගන්න; ස්වාමින්වහන්සේට භය පක්ෂපාතී ව නපුරෙන් දුරුවන්න. එයින් ඔබේ සිරුරට සුවය ගෙනේ; ඔබේ ඇටකටුවලට පෝෂණය ලැබේ. ඔබේ සියලු අස්වනුවල නාඹුල් පල සමඟ ඔබේ ධන සම්පතින් ස්වාමින්වහන්සේට ගෞරව කරන්න. එවිට ඔබේ අටු-කොටු ධන ධාන්‍යයෙන් පිරී ඉතිරී යන්නේ ය; අලුත් මිදි යුෂවලින් ඔබේ මිදි යුෂ පීප්ප උතුරා-ගලා යන්නේ ය.

හිතෝපදේශ 3:5-10 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය