හිතෝපදේශ 24:1-7
හිතෝපදේශ 24:1-7 SCV
දුෂ්ට මිනිසුන්ට ඊර්ෂ්‍යා නො කරන්න; ඔවුන්ගේ ඇසුරට ආශා නො කරන්න. මන්ද ඔවුන්ගේ හදවත් සැහැසි උපක්‍රම යොදයි; ඔවුන්ගේ තොල්වල කතාව විපත් හටගැන්වීමට ය. ගෙයක් ගොඩ නගන්නේ ප්‍රඥාවෙනි; එය ස්ථාපන වන්නේ අවබෝධයෙනි. එහි කාමර විශිෂ්ට වූත්, අලංකාර වූත් වස්තුවෙන් පුරවනු ලබන්නේ බුද්ධියෙනි. ප්‍රඥාවන්ත මනුෂ්‍යයාට මහ බලයක් ඇත; බුද්ධිමතා ශක්තිය වැඩි කර ගනියි. යුද්ධ වැදීමට ඔබට මග පෙන්වීමක් ද ජය ගැනීමට උපදෙස් දෙන්නන් බොහෝ දෙනකු ද අවශ්‍ය ය. ප්‍රඥාව අඥානයකුට උසස් වැඩි ය; පුර දොරටු ප්‍රජා පොළේදී කීමට කිසිවක් ඔහුට නැත.

