හිතෝපදේශ 15
15
1මෘදු පිළිතුරකින් උදහස පහ වේ;
එහෙත් රළු වචනයකින් කෝපය ඇවිස්සේ.
2ප්රඥාවතාගේ දිව මනාව දැනුම කියා දෙයි;
එහෙත් අඥානයාගේ මුවින් මෝඩකම ගලා යයි.
3 ස්වාමින්වහන්සේගේ ඇස් හැම තැනක ම සිට
දුදන සුදන දෙගොල්ල දෙස ම විමසිල්ලෙන් පසුවෙයි.
4සුවදායක මුදු වදන් පවසන දිව ජීවන වෘක්ෂයකි;
එහෙත් රැවටිලිකාර දිව ආත්මය තළා දමයි.
5අඥානයා තම පියාගේ උපදෙස හෙළා දකියි;
එහෙත් හික්මවීමට සිත යොමුකරන්නා නැණවත් ය.
6දමිටුන්ගේ නිවසෙහි ඇති සම්පත් බොහෝ ය;
එහෙත් දුෂ්ටයින්ගේ ආදායම ඔවුන්ට විපත් ගෙනේ.
7ප්රඥාවතාගේ තොල් අතරින් දැනුම විහිදේ;
එහෙත් අඥානයින්ගේ හදවත් එසේ නො වේ.
8දුෂ්ටයින්ගේ යාග පූජා ස්වාමින්වහන්සේ පිළිකුල් කරන සේක;
එහෙත් ඍජු ගති ඇත්තන්ගේ යාච්ඤාවලට උන්වහන්සේ ප්‍රසන්න වන සේක.
9දුෂ්ටයින්ගේ මාර්ගය ස්වාමින්වහන්සේ පිළිකුල් කරන සේක;
එහෙත් දමිටුකම ලුහුබැඳ යන්නන්ට උන්වහන්සේ ප්‍රේම කරන සේක.
10හරි මග හැර යන්නන්ට දැඩි ශික්ෂණයක් නියමිත ව ඇත;
හික්මවනු ලැබීමට වෛර කරන්නා නසිනු ඇත.
11ෂෙයෝලය#15:11 පාතාලය හෙවත් මළවුන්ගේ ස්ථානය ද අබද්දොන්#15:11 අබද්දොන් එනම් විනාශය ද ස්වාමින්වහන්සේඉදිරියෙහි විවෘත ව ඇති කොට,
මිනිස් වර්ගයාගේ හදවත් ඊට කොපමණ වැඩියෙන් උන්වහන්සේට ඇරී නො තිබේ ද?
12ගරහන්නා තරවටුව රුස්සන්නේ නැත;
ඔහු ප්‍රඥාවතුන් වෙත යන්නේ නැත.
13ප්‍රීතිමත් හදවත මුහුණ සතුටින් බබළවයි;
එහෙත් සිත් සන්තාපය ආත්මය තළා දමයි.
14නුවණැති හදවත දැනුම සොයයි;
එහෙත් අඥානයාගේ මුඛය මෝඩකම වඩවයි.
15පීඩා විඳින්නන්ට හැමදාමත් දුක්ඛිත ය;
එහෙත් සතුටු සිත නිරන්තරයෙන් මංගල සිරි විඳී.
16කරදර-විපත් සමඟ මහ ධන සම්පත්වලට වඩා
ස්වාමින්වහන්සේට භයවීම සමඟ ස්වල්පයක් හොඳ ය.
17ද්වේෂයෙන් යුතු ව රසමසවුළු බුදිනවාට වඩා
ප්‍රේමයෙන් යුතු ව එළවළු ටිකක් හොඳ ය.
18වහා කිපෙන මිනිසා ආරවුල් අවුස්සයි;
එහෙත් ඉවසිලිවන්ත මිනිසා කලහ සන්සිඳුවයි;
19කම්මැලියාගේ මාර්ගය කටු පඳුරුවලින් අවහිර ය;
එහෙත් ඍජු ගති ඇත්තාගේ මාවත රජ මාවතක් ය.
20ප්‍රඥාවත් පුත්‍රයා තම පියාට ප්‍රීතිය ගෙනේ;
එහෙත් අඥාන මිනිසා ඔහුගේ මව සුළු කොට තකයි.
21විචාර බුද්ධිය නැති මිනිසාට මෝඩකම ප්‍රීතියකි;
එහෙත් අවබෝධය ඇත්තාගේ ගමන් මග සෘජු ය.
22නිසි උපදෙස් හිඟ වූ කල සැලසුම් සඵල නො වේ;
එහෙත් බොහෝ උපදේශකයන් ඇති කල ඒවා සඵල වේ.
23උචිත පිළිතුරක් දීමෙන් මිනිසකුට ප්‍රීතිය ලැබේ;
තැනට ඔබින වචනය කොතරම් අගේ ද!
24ප්‍රඥාවන්තයාට ජීවිත මාර්ගය ඉහළට දිවේ;
ඒ, ෂෙයෝලයෙන් ඔහු ඈත් කෙරෙන පිණිස ය.
25උඩඟු මිනිසාගේ නිවස ස්වාමින්වහන්සේ ඉරා දමන සේක;
එහෙත් වැන්දඹුවගේ මායිම් නිරවුල් ව තබන සේක.
26 ස්වාමින්වහන්සේ දුෂ්ටයින්ගේ සිතුවිලි පිළිකුල් කරන සේක;
එහෙත් කරුණාවන්ත වචන උන්වහන්සේ ඉදිරියේ පවිත්‍ර ය.
27අයුතු ලාභ ලබන මිනිසා තම පවුලට විපත් ගෙනේ;
එහෙත් අල්ලසට වෛර කරන්නාට ජීවනය ලැබේ.
28ධර්මිෂ්ඨයා පිළිතුරු දෙන්නේ සිතා මතා බැලීමෙනි;
එහෙත් දුෂ්ටයාගේ මුවින් නපුරුකම ගලා යයි.
29 ස්වාමින්වහන්සේ දුෂ්ටයින්ගෙන් බොහෝ ඈත ය;
එහෙත් දමිටුන්ගේ යාච්ඤා උන්වහන්සේ අසන සේක.
30සොම්නස් බැල්ම හදවතට ප්‍රීතිය ගෙනේ;
සුබ ආරංචි ඇටකටුවලට සුවය ගෙනේ.
31ජීවනය දෙන තරවටුවට සවන් දෙන්නා,
ප්‍රඥාවතුන් අතර ගණන් ගැනේ.
32උපදෙස් ප්‍රතික්ෂේප කරන්නා, තමාට ම අනර්ථයක් කර ගනී;
එහෙත් නිවැරදි වීම පිළිගන්නා අවබෝධය ලබයි.
33 ස්වාමින්වහන්සේට භයවීම මිනිසාට ප්‍රඥාව උගන්වයි;
ගෞරවයට පළමුවෙන් නිහතමානීත්වය පැමිණේ.
දැනට තෝරාගෙන ඇත:
හිතෝපදේශ 15: SCV
සළකුණු කරන්න
බෙදාගන්න
පිටපත් කරන්න
ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.