හිතෝපදේශ 12:17-22
හිතෝපදේශ 12:17-22 SCV
ඇත්ත කතා කරන්නා අවංක ව සාක්ෂි දෙයි; බොරු සාක්ෂිකරු පවසන්නේ මුසා ය. නො සැලකිලිමත් වචන කඩු පහරක් මෙන් ඇනෙයි; එහෙත් ප්‍රඥාවත් අයගේ දිව, සුවය ගෙනේ. සත්‍යයේ තොල් සදා පවතී; එහෙත් බොරු කියන දිව පවතින්නේ ඇසිල්ලකට පමණි. නපුරු උපා යොදන්නන්ගේ හදවත් තුළ රැවටිල්ල ඇත; එහෙත් සාමය වඩවන්නන්ගේ හදෙහි ඇත්තේ ප්‍රීතියයි. ධර්මිෂ්ඨයින් පිට කිසි අනර්ථයක් නො පැමිණේ; එහෙත් දුෂ්ටයින්ට විපත්ති මුළු ප්‍රමාණය ම ලැබේ. බොරුකාර තොල් ස්වාමින්වහන්සේට පිළිකුල් ය; එහෙත් සත්‍යවාදී මිනිසුන් ගැන උන්වහන්සේ ප්‍රමෝද වන සේක.

