හිතෝපදේශ 12:13-19

හිතෝපදේශ 12:13-19 SCV

අදමිටු මිනිසා තම පාපී කතාවෙන් උගුලට හසු වේ; එහෙත් දමිටු මිනිසා කරදරවලින් ගැලවී යයි. කෙනෙක් තම තොල්වල පල නිසා යහ දෙයින් පිරෙන්නේ, ඔහුගේ අත්වල ශ්‍රමයට සරිලන ප්‍රතිඵල ලබන පරිදි ය. අඥානයකුට තමාගේ මාර්ගය හරියයි පෙනේ; එහෙත් නැණවතා අවවාදයට කන් දෙයි. අඥානයා තම නොරිස්සුම එවෙලේම පෙන්වයි; එහෙත් බුද්ධිමතා නිග්‍රහ ගණන් නො ගනී. ඇත්ත කතා කරන්නා අවංක ව සාක්ෂි දෙයි; බොරු සාක්ෂිකරු පවසන්නේ මුසා ය. නො සැලකිලිමත් වචන කඩු පහරක් මෙන් ඇනෙයි; එහෙත් ප්‍රඥාවත් අයගේ දිව, සුවය ගෙනේ. සත්‍යයේ තොල් සදා පවතී; එහෙත් බොරු කියන දිව පවතින්නේ ඇසිල්ලකට පමණි.

මෙයට අදාළ වීඩියෝ

හිතෝපදේශ 12:13-19 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය