හිතෝපදේශ 12:11-14

හිතෝපදේශ 12:11-14 SCV

තම බිම් කොටස වගාකරන්නාට ආහාර බහුල වේ; එහෙත් මවා ගත් හීන පසු පස යන්නෝ සිහි මද ඇත්තෝ ය. නපුරන්ගේ කොල්ලයට දුෂ්ටයෝ ආශා වෙති; එහෙත් දමිටුන් මුල් ඇද පිහිටයි. අදමිටු මිනිසා තම පාපී කතාවෙන් උගුලට හසු වේ; එහෙත් දමිටු මිනිසා කරදරවලින් ගැලවී යයි. කෙනෙක් තම තොල්වල පල නිසා යහ දෙයින් පිරෙන්නේ, ඔහුගේ අත්වල ශ්‍රමයට සරිලන ප්‍රතිඵල ලබන පරිදි ය.