මට, ජීවත් වීම ක්‍රිස්තුස්වහන්සේ ය. මරණය මට ලාභයකි. තවදුරටත් මේ ශරීරයේ මගේ විසීම පලදායි සේවයකට හේතු වනු ඇත. එහෙත් මා තෝරා ගත යුත්තේ කුමක් ද? මා දන්නේ නැත. ඒ දෙක අතර දෙපැත්තට අදිනු ලබමි: මගේ ආශාව මේ ජීවිතයෙන් ඉවත් වී, ක්‍රිස්තුස්වහන්සේ සමඟ සිටීම ය. මන්ද එය බෙහෙවින් ම හොඳ ය. එහෙත් ඔබ උදෙසා වැඩි අවශ්‍යතාව, මේ ශරීරයේ මගේ රැඳී සිටීමයි. ඒ වග මට සහතික බැවින් මේ ජීවිතයේ ම රැඳෙමින්, ඔබගේ ඇදහිල්ලේ වර්ධනයත්, ප්‍රීතියත් උදෙසා මා ඔබ හැම අතර දිගට ම කටයුතු කරන වග මම දනිමි. මෙසේ, යළිත් මා ඔබ අතරට පැමිණීමෙන්, මා නිසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වඩා උදම් ඇනීමට හේතුවක් ඔබට ලැබේ.
පිලිප්පි 1 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: පිලිප්පි 1:21-26
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ