ගණන් 8:5-7
ගණන් 8:5-7 SCV
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “සෙසු ඉශ්‍රායෙල් ජනයා අතරින් ලෙවීවරුන් කැඳවා, ඔවුන් පවිත්‍ර කරන්න. ඔවුන් පවිත්‍ර කරන පිණිස මෙසේ කරන්න: පිරිසිදු කිරීමේ වතුර, ඔවුන් මත ඉසින්න. ඉන්පසු ඔවුන්ගේ මුළු ගතම බූ ගා, ඔවුන්ගේ ඇඳුම් සෝදා, පවිත්‍ර වන්නට සලස්වන්න.

