හය වැනි දවසේ දෙවූයෙල්ගේ පුත්‍ර ගාද්ගේ පුත්‍රයන්ගේ නායක එලියාසාෆ් තම පඬුර ගෙනාවේ ය.
ඔහුගේ පඬුර වූයේ,
ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද
සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
පාප පූජාවක් සඳහා එළුවකු ද
ශාන්ති පූජාවක් කොට පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
දෙවූයෙල්ගේ පුත් එලියාසාෆ්ගේ පඬුර වූයේ එයයි.
හත් වන දවසේ අම්මිහුද්ගේ පුත්‍ර, එප්‍රායිම්ගේ පුත්‍රයන්ගේ නායක එලිෂාමා තම පඬුර ගෙනාවේ ය.
ඔහුගේ පඬුර වූයේ,
ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද
සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
පාප පූජාවක් සඳහා එළුවකු ද
ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
අම්මිහුද්ගේ පුත් එලිෂාමාගේ පඬුර වූයේ එයයි.
අට වන දවසේ පෙදාසූර්ගේ පුත්‍ර මනස්සේගේ පුත්‍රයන්ගේ නායක ගමාලියෙල් තම පඬුර ගෙනාවේ ය.
ඔහුගේ පඬුර වූයේ,
ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද
සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
පාප පූජාවක් සඳහා එළුවකු ද
ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
පෙදාසූර්ගේ පුත් ගමාලියෙල්ගේ පඬුර වූයේ එයයි.
නව වන දවසේ ගිදෙයොනීගේ පුත්‍ර බෙන්යමින්ගේ පුත්‍රයන්ගේ නායක අබිදාන් තම පඬුර ගෙනාවේ ය.
ඔහුගේ පඬුර වූයේ,
ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද
සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
පාප පූජාවක් සඳහා එළුවකු ද
ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
ගිදෙයොනීගේ පුත් අබිදාන්ගේ පඬුර වූයේ එයයි.
දහ වන දවසේ අම්මිෂද්දයිගේ පුත්‍ර, දාන්ගේ පුත්‍රයන්ගේ නායක අහියේසෙර් තම පඬුර ගෙනාවේ ය.
ඔහුගේ පඬුර වූයේ,
ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද
සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
පාප පූජාවක් සඳහා එළුවකු ද
ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
අම්මිෂද්දයිගේ පුත් අහියේසෙර්ගේ පඬුර වූයේ එයයි.
එකොළොස් වන දවසේ ඔක්‍රාන්ගේ පුත්‍ර ආෂෙර්ගේ පුත්‍රයන්ගේ නායක පගියෙල් තම පඬුර ගෙනාවේ ය.
ඔහුගේ පඬුර වූයේ,
ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද
සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
පාප පූජාවක් සඳහා එළුවකු ද
ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
ඔක්‍රාන්ගේ පුත් පගියෙල්ගේ පඬුර වූයේ එයයි.
දොළොස් වන දවසේ ඒනාන්ගේ පුත්‍ර නෆ්තලීගේ පුත්‍රයන්ගේ නායක අහිරා තම පඬුර ගෙනාවේ ය.
ඔහුගේ පඬුර වූයේ,
ධාන්‍ය පූජාවක් සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි පුරවන ලද ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් එකසිය තිහක් බරැති රිදී පිඟානක් හා ෂෙකෙල් හැත්තෑවක් බරැති රිදී පාත්‍රයක් ද
සුවඳ ද්‍රව්‍ය පුරවන ලද ෂෙකෙල් දහයක් බරැති රන් දීසියක් ද
දවන යාග පූජාවක් සඳහා ගොන් වස්සකු, බැටළුවකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවකු ද
පාප පූජාවක් සඳහා එළුවකු ද
ශාන්ති පූජාවක් වශයෙන් පූජා කරනු සඳහා ගවයින් දෙදෙනකු, බැටළුවන් පස් දෙනකු, එළුවන් පස් දෙනකු හා එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් පස් දෙනකු ද වේ.
ඒනාන්ගේ පුත් අහිරාගේ පඬුර වූයේ එයයි.
පූජාසනය ආලේප කළ අවස්ථාවේ එය කැප කිරීම උදෙසා වූ ඉශ්‍රායෙල් නායකයින්ගේ පඬුරු ඒවා ය:
එනම්, රිදී පිඟන් දොළොසක්, ලේ ඉසීමේ රිදී පාත්‍ර දොළොසක් හා රන් දීසි දොළොසකි. එම එක් එක් රිදී පිඟානක බර ෂෙකෙල් එකසිය තිහකි. එක් එක් රිදී පාත්‍රයක බර ෂෙකෙල් හැත්තෑවකි. ඒ හැම රිදී බඳුන්වල මුළු බර ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් දෙදහස් හාරසියයකි. සුවඳ ද්‍රව්‍ය පුරවා තිබූ රන් දීසි දොළොසෙහි බර ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව, එකක් ෂෙකෙල් දහය බැගිනි. රන් දීසිවල මුළු බර ෂෙකෙල් එකසිය විස්සකි.
දවන යාග පූජාව සඳහා වූ මුළු සතුන් ගණන, ගොන් වස්සන් දොළොස් දෙනෙක් ද බැටළුවන් දොළොස් දෙනෙක් ද එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් දොළොස් දෙනෙක් ද වූහ. ඒ සමඟ එහි ධාන්‍ය පූජාව ද විය. පාප පූජාව සඳහා එළුවන් දොළොස් දෙනෙක් වූහ. ශාන්ති පූජාව සඳහා යාග කරන සතුන්ගේ මුළු ගණන, ගවයින් විසිහතර දෙනෙකි; බැටළුවන් හැට දෙනෙකි; එළුවන් හැට දෙනෙකි; එක් අවුරුදු පිරිමි බැටළු පැටවුන් හැට දෙනෙකි.
පූජාසනය ආලේප කරන ලද පසු එය කැප කිරීම සඳහා වූ පඬුරු ඒවා ය.
ස්වාමින්වහන්සේ සමඟ කතා කිරීමට මෝසෙස් හමුවීමේ කූඩාරමට පිවිසි කල, සාක්ෂි කරඬුව මත කරුණාසනයට ඉහළින් කෙරුබ්වරුන් දෙදෙනා අතරින් තමා අමතන කටහඬක් ඔහුට ඇසිණි. උන්වහන්සේ ඔහු සමඟ කතා කළ සේක.