ගණන් 5:5-10

ගණන් 5:5-10 SCV

ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුන්ට මෙසේ කියන්න: ‘පුරුෂ හෝ ස්ත්‍රී හෝ යමෙක් අන් කෙනකුට කිසියම් වරදක් කරයි නම්, ඒ අය ස්වාමින්වහන්සේට එරෙහිව විශ්වාසය කඩ කළා වෙයි. එසේ ඒ අය වරදකරුවකු වෙයි. ඒ අය තමා කළ වරද පාපොච්චාරණ කළ යුතු ය. ඒ අය තමා කළ වරද සඳහා සම්පූර්ණ වන්දියක් ගෙවමින්, එහි වටිනාකමට පහෙන් එකක් ද එකතු කොට, වරදට ලක් වූ අයට ඒ සියල්ල දිය යුතු ය. එහෙත් එම වරද සඳහා වන්දිය ලැබීමට වරදට ලක් වූ අයට ළඟ නෑයකු නො වේ නම්, එම වන්දිය අයිති ස්වාමින්වහන්සේට ය. වරද කළ අයගේ පාප වන්දි නිවාරණය සඳහා වන බැටළුවා සමඟ එම වන්දිය පූජකයාට දිය යුතු ය. ඉශ්‍රායෙල් ජනයා පූජකයා වෙත ගෙනෙන සියලු ශුද්ධ පඬුරු හිමි පූජකයාට ය. එක් එක් මිනිසා ගෙනෙන ශුද්ධ පඬුරු පූජකයාට ය. ඔහුට පිරිනමන කවර කොටසක් වුව හිමි ඔහුට යැ’ යි” පැවසූ සේක.

ගණන් 5 කියවන්න

ගණන් 5:5-10 සඳහා වීඩියෝව