ගණන් කථාව 5:5-10
ගණන් කථාව 5:5-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “ඉශ්‍රායෙල්වරුන්ට මෙසේ කියන්න: ‘පුරුෂ හෝ ස්ත්‍රී හෝ යමෙක් අන් කෙනකුට කිසියම් වරදක් කරයි නම්, ඒ අය ස්වාමින්වහන්සේට එරෙහිව විශ්වාසය කඩ කළා වෙයි. එසේ ඒ අය වරදකරුවකු වෙයි. ඒ අය තමා කළ වරද පාපොච්චාරණ කළ යුතු ය. ඒ අය තමා කළ වරද සඳහා සම්පූර්ණ වන්දියක් ගෙවමින්, එහි වටිනාකමට පහෙන් එකක් ද එකතු කොට, වරදට ලක් වූ අයට ඒ සියල්ල දිය යුතු ය. එහෙත් එම වරද සඳහා වන්දිය ලැබීමට වරදට ලක් වූ අයට ළඟ නෑයකු නො වේ නම්, එම වන්දිය අයිති ස්වාමින්වහන්සේට ය. වරද කළ අයගේ පාප වන්දි නිවාරණය සඳහා වන බැටළුවා සමඟ එම වන්දිය පූජකයාට දිය යුතු ය. ඉශ්‍රායෙල් ජනයා පූජකයා වෙත ගෙනෙන සියලු ශුද්ධ පඬුරු හිමි පූජකයාට ය. එක් එක් මිනිසා ගෙනෙන ශුද්ධ පඬුරු පූජකයාට ය. ඔහුට පිරිනමන කවර කොටසක් වුව හිමි ඔහුට යැ’ යි” පැවසූ සේක.
ගණන් කථාව 5:5-10 Sinhala Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: ඉශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න–පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ මනුෂ්‍යයන් විසින් කරන කොයියම් පාපයක් නුමුත් කර ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධයක් කළොත් එසේ ඒ අය වරදකාරයන් වුණාම, ඔවුන් කළාවූ තමුන්ගේ පාපය කියාදිය යුතුය. තවද ඔහු තමා කළ අලාභයේ මුළු ගණනම ගෙවා එයින් පහෙන් කොටසක් ඊට එකතුකර ඔහුගෙන් අලාභ වින්ද තැනැත්තාට දේවා. නුමුත් වන්දියේ ගණන ලබන්ට ඒ මනුෂ්‍යයාට නෑයෙක් නැත්නම් වරද ගැන තමා උදෙසා සමඟිකමක් කිරීමට වරදකාරයා දෙන බැටළුවා හැර ස්වාමීන්වහන්සේට දෙන වන්දියේ ගණනත් පූජකයාට වන්නේය. ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ශුද්ධ දේවලින් පූජකයා වෙතට ගෙනෙන එසවීමේ පූජා සියල්ලත් ඔහුට වන්නේය. එක එක මනුෂ්‍යයාගේ විශුද්ධ දේ ඔහුට වන්නේය. යම් මනුෂ්‍යයෙක් පූජකයාට දෙන කොයි දේත් ඔහුට වන්නේයයි කියන්නැයි කීසේක.
ගණන් කථාව 5:5-10 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්න: ‘සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය කඩ කරන යම් පාපයක්, යම් කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ කළොත් ඒ තැනැත්තා වරදකරුවෙකු වනු ඇත. එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතු ය. ඉන්පසු මුළු වන්දිය වශයෙන්, කළ අලාභයට තව පහෙන් පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධ ව වැරැද්දක් කෙළේ ද එය ඔහුට ගෙවිය යුතු ය. එහෙත්, වන්දිය ගෙවීම සඳහා ඔහුට නෑයෙක් නැත්නම්, එම වන්දිය පූජකවරයා විසින් ගනු පිණිස සමිඳාණන් වහන්සේට ගෙවිය යුතු වේ. මේ වන්දිය ඔහු උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට පුදන බැටළු වස්සාට අමතර ව ය. තවද, ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන සෑම ශුද්ධ පඬුරක් ම, එය ඔවුන් දෙන පූජකවරයාට අයිති වනු ඇත. ඇරත් යමෙකු සමිඳාණන් වහන්සේට කැප කරන සෑම දෙයක් ම, යමෙකු පූජකවරයාට දෙන සෑම දෙයක් ම, ඔහුට හිමි වනු ඇතැ’ “යි වදාළ සේක.
ගණන් කථාව 5:5-10 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්න: ‘සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාසය කඩ කරන යම් පාපයක්, යම් කිසි ස්ත්‍රියක හෝ පුරුෂයෙකු හෝ කළොත් ඒ තැනැත්තා වරදකරුවෙකු වනු ඇත. එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතු ය. ඉන්පසු මුළු වන්දිය වශයෙන්, කළ අලාභයට තව පහෙන් පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධ ව වැරැද්දක් කෙළේ ද එය ඔහුට ගෙවිය යුතු ය. එහෙත්, වන්දිය ගෙවීම සඳහා ඔහුට නෑයෙක් නැත්නම්, එම වන්දිය පූජකවරයා විසින් ගනු පිණිස සමිඳාණන් වහන්සේට ගෙවිය යුතු වේ. මේ වන්දිය ඔහු උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට පුදන බැටළු වස්සාට අමතර ව ය. තවද, ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට පුදන සෑම ශුද්ධ පඬුරක් ම, එය ඔවුන් දෙන පූජකවරයාට අයිති වනු ඇත. ඇරත් යමෙකු සමිඳාණන් වහන්සේට කැප කරන සෑම දෙයක් ම, යමෙකු පූජකවරයාට දෙන සෑම දෙයක් ම, ඔහුට හිමි වනු ඇතැ’ ”යි වදාළ සේක.
ගණන් කථාව 5:5-10 New International Version (NIV)
The LORD said to Moses, “Say to the Israelites: ‘Any man or woman who wrongs another in any way and so is unfaithful to the LORD is guilty and must confess the sin they have committed. They must make full restitution for the wrong they have done, add a fifth of the value to it and give it all to the person they have wronged. But if that person has no close relative to whom restitution can be made for the wrong, the restitution belongs to the LORD and must be given to the priest, along with the ram with which atonement is made for the wrongdoer. All the sacred contributions the Israelites bring to a priest will belong to him. Sacred things belong to their owners, but what they give to the priest will belong to the priest.’ ”