ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “බෝ වන කුෂ්ඨ රෝගයක් හෝ යම් අයුරක මෝචනයක් හෝ ඇති කෙනකු හෝ මළ සිරුරක් හේතු කොට අපවිත්‍ර වූ කෙනකු සිටී නම්, ඔවුන් කඳවුරෙන් පිටතට යවන ලෙස, ඉශ්රායෙල් ජනයාට අණ කරන්න. ගැහැනු වුව, පිරිමි වුව, එක ලෙස පිටතට යවන්න; ඔවුන් අතරේ මා වෙසෙන ඔවුන්ගේ කඳවුර, ඔවුන් අතින් දූෂ්‍ය නො වන පිණිස, ඔවුන් කඳවුරෙන් පිටතට යවන්නැ” යි කී සේක. ඉශ්රායෙල්වරු එසේ කළහ. ඔවුහු එවැන්නන් කඳවුරෙන් පිටතට යැවූහ. ස්වාමින්වහන්සේ මෝසෙස්ට උපදෙස් දී තිබූ පරිද්දෙන් ඔවුහු කළහ.
ගණන් 5 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: ගණන් 5:1-4
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ