ගණන් කථාව 5:1-4
ගණන් කථාව 5:1-4 සිංහල කාලීන පරිවර්තනය (SCV)
ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “බෝ වන කුෂ්ඨ රෝගයක් හෝ යම් අයුරක මෝචනයක් හෝ ඇති කෙනකු හෝ මළ සිරුරක් හේතු කොට අපවිත්‍ර වූ කෙනකු සිටී නම්, ඔවුන් කඳවුරෙන් පිටතට යවන ලෙස, ඉශ්රායෙල් ජනයාට අණ කරන්න. ගැහැනු වුව, පිරිමි වුව, එක ලෙස පිටතට යවන්න; ඔවුන් අතරේ මා වෙසෙන ඔවුන්ගේ කඳවුර, ඔවුන් අතින් දූෂ්‍ය නො වන පිණිස, ඔවුන් කඳවුරෙන් පිටතට යවන්නැ” යි කී සේක. ඉශ්රායෙල්වරු එසේ කළහ. ඔවුහු එවැන්නන් කඳවුරෙන් පිටතට යැවූහ. ස්වාමින්වහන්සේ මෝසෙස්ට උපදෙස් දී තිබූ පරිද්දෙන් ඔවුහු කළහ.
ගණන් කථාව 5:1-4 Sinhala Revised Old Version (SROV)
තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්: සියලු කුෂ්ඨරෝගීන්ද ප්‍රමේහයක් ඇති සියල්ලන්ද මෘත ශරීරයකින් අපවිත්‍රව සිටින සියල්ලන්ද කඳවුරෙන් පිටතට යවන්ට ඉශ්රායෙල් පුත්‍රයන්ට අණකරන්න. එසේ ගෑනු පිරිමි දෙගොල්ල යවන්න; මා ඔවුන්ගේ කඳවුරු මැද වාසයකරන බැවින් ඔවුන් ඒවා අපවිත්‍ර නොකරන පිණිස ඔවුන් කඳවුරෙන් පිටතට යවන්නැයි කීසේක. ඉශ්රායෙල් පුත්‍රයෝ එසේ කොට ඔවුන් කඳවුරෙන් පිටතට ඇරියෝය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කී ලෙසම ඉශ්රායෙල් පුත්‍රයෝ කළෝය.
ගණන් කථාව 5:1-4 Sinhala New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න. මා වාසය කරන කඳවුර නොකෙලසන පිණිස මෙවැන්නක් ඇති ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ම කඳවුරින් පිටතට දැමිය යුතු ය”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා ද එලෙස ඉටු කරමින් එවැන්නන් කඳවුරින් පිටතට නෙරපාදැමූ හ.
ගණන් කථාව 5:1-4 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න. මා වාසය කරන කඳවුර නොකෙලසන පිණිස මෙවැන්නක් ඇති ස්ත්‍රී-පුරුෂ දෙපක්ෂය ම කඳවුරින් පිටතට දැමිය යුතු ය”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඉශ්රායෙල් ජනයා ද එලෙස ඉටු කරමින් එවැන්නන් කඳවුරින් පිටතට නෙරපාදැමූ හ.
ගණන් කථාව 5:1-4 New International Version (NIV)
The LORD said to Moses, “Command the Israelites to send away from the camp anyone who has a defiling skin disease or a discharge of any kind, or who is ceremonially unclean because of a dead body. Send away male and female alike; send them outside the camp so they will not defile their camp, where I dwell among them.” The Israelites did so; they sent them outside the camp. They did just as the LORD had instructed Moses.